33 C
Colombo
Tuesday, April 16, 2024

නිලධාරීන් නිවාඩු නොගෙන වැඩකළ යුතුයි..! – නාමල්

- Advertisement -

ජනතාව පත්ව සිටින දුෂ්කරතාවලින් ඔවුන් මුදවා ගැනීම සඳහා ආණ්ඩුව අවශ්‍ය සියලු පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ජනතාව පෝලිම්වල රස්තියාදුවෙමින් විඳින දුෂ්කරතා පිළිබඳව ආණ්ඩුවට පැහැදිලි අවබෝධයක් තිබෙන බවයි ඇමතිවරයා පවසන්නේ.

ජනතාව පෝලිම්වල රස්තියාදු කිරීමට කිසිසේතම ඉඩ නොතැබිය යුතු බවත්, ඒ අනුව විශේෂයෙන්ම ජනතාව අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් පරිදි ලබාදීමට කටයුතු කරන බවත් නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඉන්දියානු ණය මත ඉදිරියේදී රටට අවශ්‍ය තරම් ඉන්ධන ලැබෙනු ඇති බවද ඔහු පවසනවා.

ඉන්ධන තිබුණද ඒ්වා ප්‍රමාණවත් පරිදි බෙදාහැරීම් කටයුතු සිදු නොවන බව වාර්තා වී ඇතැයි පවසන නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ අදාල ආයතනවල නිලධාරීන්ද මීට වඩා වගකීමෙන් වැඩකළ යුතු බවයි.

සෙනසුරාදා, ඉරිදා, පෝය නිවාඩු නොතකා ඔවුන් ජනතාව වෙනුවෙන් සේවය කළයුතු බවත් ඇමතිවරයා සඳහන් කරයි.

නාමල් රාජපක්ෂ මහතා අද කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ඉන්ධන නිසි පරිදි බෙදාහැරීමට අදාලව ජනාධිපතිවරයා සියලු උපදෙස් ලබා දී ඇති බවයි. ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළ ඉන්ධන පෝලිම් අවසන් වනු ඇතැයි රාජපක්ෂ මහතා බලාපොරොත්තු පළ කරනවා.


RECENT ARTICLES - SINHALA

ගල්කිස්සේ ඝාතනයක්

ගල්කිස්ස ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 52 හැවිරිදි වියේ පසුවූ බොරුපන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ....

ලෝකයේ රසම අන්නාසි ලංකාවට ගේන්න සැලසුමක්

ලෝකයේ ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන  MD 2 හෙවත් Super Sweet pine apple  (Ananas Comosus) අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා කඩිනමින් නිර්දේශ  දෙන ලෙස...

හක්මන ඝාතනයට අයෙක් සැකපිට අත්අඩංගුවට

හක්මන ප්‍රදේශයේ සිදුවූ ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරු 46 හැවිරිදි වියේ පසුවන හක්මන කහටගහකොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. හක්මන කහටගහකොරටුව ප්‍රදේශයේ දී...

POPULAR ARTICLES

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

ප්‍රතිප්‍රහාර එපා, ඉරානය යළිත් අනතුරු අඟවයි

මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් තීව්‍ර කරමින් ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේදී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා. මේ අතර මෙම...