ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගැනීමට කැමැත්ත පලකිරීමේ ලිපියකට අද (31) මහනුවරදී එන්නත්කරණයට ලක්වූ ජනතාවගෙන් අත්සනක් ලබාගෙන තිබෙනවා.
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත් මාත්‍රා 50,000 ක ප්‍රමාණයක් මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට එන්නත්කිරීමේ වැඩසටහන ඊයේ දිනයෙන් ආරම්භ වුණා.
අද දිනයේ පල්ලෙකැළේ හා මැණික්හින්න පොලිස් බලප්‍රදේශයේ එන්නත්කරණය ආරම්භ කෙරුණු අතර ඒ සඳහා මධ්‍යස්ථාන 6 ක් සූදානම් කර තිබුණා.
ඒ අනුව පල්ලෙකැලේ පොලිස් බලප්‍රදේශයේ බණ්ඩාරනායක ජාතික පාසල, කෙන්ගල්ල මහා විද්‍යාලය, මහවත්ත විද්‍යාලය සහ මැණික්හින්න පොලිස් බල ප්‍රදේශයේ දිගන රජවැල්ල දෙමළ පාසල, පිලවල මහා විද්‍යාලය, මැණික්හින්න පිරිමි විද්‍යාලය යන ස්ථානවල එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වුණා.
කෙසේ වෙතත් මෙම ස්ථානයට පැමිණි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පිරිසක් එන්නත්කරණයට පැමිණ සිටි ප්‍රදේශවාසීන්ගෙන් කැමැත්ත පලකිරීමේ ලිපියකට අත්සන් ලබාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
රජයේ මුද්‍රණාලයේ මුද්‍රිත අදාල කැමැත්ත පලකිරීමේ ලිපියේ මුද්‍රාවක් තබා සටහන් කර තිබුණේ “ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාව පමණක් වුවද ලබාගැනීමට මම කැමැත්ත පලකරමි” යන්නයි.

