කොළොන්නාවේ සිට කොළඹ වරාය දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන නළයක කාන්දුවක් වී ඇති බවත්, එම කන්දුව මේ වන විට සම්පූර්ණමයෙන්ම නතර කර ඇති බවත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා පවසනවා.
වරායට ආසන්නයේ එම තෙල් කාන්දු වූ ස්ථානය වසා දැමීමට පෙර කළයුතු පිරිසිදු කිරීම් මේ වනවිට කරමින් සිටින බවද ඔහු සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ඉන් පසුව එම ස්ථානයේ කාන්දුව සම්පූර්ණයෙන්ම වසා දමන බවයි.