27 C
Colombo
Saturday, June 10, 2023

තෙල් මිල වැඩි උනේ කොරෝනා එන්නතට තියෙන ඉලුම නිසා. මිල තව ඉහළ යන්න පුළුවන් – කබ්රාල් (වීඩියෝ)

- Advertisement -

ලෝක වෙළඳපොළේ දිගින් දිගටම බොරතෙල් බැරලයේ මිල ඉහළ යාමේ රටාවක් පෙන්නුම් කිරීමට හේතුවක් ලෙස කොවිඩ් වෛරසයට එරෙහි එන්නත් සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම හඳුනා ගත හැකි බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අද දින පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

ලෝක වෙළඳපොළේ ඩොලර් 40ක්ව පැවති බොරතෙල් බැරලයේ මේ වන විට ඩොලර් 70ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවද දිගින් දිගටම පාඩු ලැබූ බවත් මේ වසරේ පමණක් එහි පාඩුව රුපියල් බිලියන 35ක් වූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

වැඩි වූ තෙල් මිල පහළ දැමීමට තීරණයක් නොමැති බවත් ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වුවහොත් ඒ පිළිබඳව සලකා බලන බවත් ඒ මහතා පවසනවා.

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඉහළ ගියහොත් නැවත ඉන්ධන මිල වැඩිවීමටද ඉඩ ඇති බවත් එය වළක්වා ගැනීමට ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදලක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

සබැඳි ලිපි..

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.