30.9 C
Colombo
Thursday, April 25, 2024

තෙල් නැව දවස් 6ක් වරායේ – ගෙවන්න ඩොලර් නෑ

- Advertisement -

දින හයක් පුරා මෙරට නැංගුරම් ලා ඇති ඩීසල් හා ගුවන් යානා ඉන්ධන නෞකාවට ගෙවීම සඳහා අවශ්‍ය ඩොලර් මිලියන 42ක මුදල තවමත් සොයාගත නොහැකි වූ බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

මේ සඳහා අවශ්‍ය මුදල් කිසිඳු බැංකුවකින් ලබාගත නොහැකි වූ බවත්, එම ඩොලර් ප්‍රමාණය ලබාදීමට දින කිහිපයක් අවශ්‍ය බව බැංකුවලින් දැනුම් දී ඇති බවත් එම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර් ඔල්ගා මහත්මිය පවසනවා.

ලබන සඳුදා දිනය වන විට එම මුදල් සපයාගෙන නෞකාවේ ඇති ඉන්ධන ලබාගැනීමට හැකිවනු ඇති බවයි ලේකම්වරිය සඳහන් කරන්නේ.

ඩීසල් මෙට්‍රික්ටොන් 20,000ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික්ටොන් 20,000ක් රැගත් මෙම නෞකාව නැංගුරම් ලා ඇති දිනවලදී ප්‍රමාද ගාස්තු වශයෙන් දිනකට ඇමෙරිකානු ඩොලර් 19,000 බැගින් ගෙවිය යුතු බව ද ඇය පවසනවා.

අවශ්‍ය ඩොලර් ප්‍රමාණය පෞද්ගලික බැංකුවලින් හෝ ලබාගන්නා ලෙස මහබැංකුව බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දී ඇති බැවින් එම අමාත්‍යාංශය අද (18) දිවයිනේ ප්‍රධාන බැංකු සමඟ සාකච්ඡා කර ඇති නමුත් මෙම අවස්ථාවේදී එපමණ ඩොලර් ප්‍රමාණයක් සොයාදිය නොහැකි බව එම බැංකු දැනුම්දී ඇතැයි වාර්තා වනවා.

කෙසේ වෙතත්, අමාත්‍යාංශ ලේකම්වරිය පැවසුවේ ඩීසල්වල යම් හිඟයක් පවතින නමුත් පෙට්‍රල් ප්‍රමාණවත් තරම් මෙරට පවතින බවයි.

වෙනදා දින දෙකකට ප්‍රමාණවත් වන ඩීසල් ප්‍රමාණයක් නිකුත් කළ විට එය පැය තුනකින් පමණ අවසන් වන බවත්, එසේ වීම ගැටලුවක් බවත් පවසන ලේකම්වරිය කෙසේ නමුත් සඳුදා (21) තෙක් ප්‍රමාණවත් තරම් ඩීසල් ද රට තුළ තිබෙන බවත් පෙන්වා දෙනවා.

තවත් ඩීසල් නෞකාවක් අනිද්දා (20) දිනයේදීද මෙරටට පැමිණෙන බවත් ඇය ප්‍රකාශ කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

පාසල් දරුවෙකුට පහර දුන් SI ගැන විමර්ශන

පාපැදියකින් ගමන් ගත් 13 හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණිල්ලක් කර...

කුරුණෑගල ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙක් සියදිවි හානි කර ගනී

කුරුණෑගල - මාස්පොත ප්‍රදේශයේ ජාතික පාසලක විදුහල්පතිවරයෙකු සිය නිවසේදී ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ, අවුරුදු 55 හැවිරිදි කුරුණෑගල - මරලුවාව ප්‍රදේශයේ පදිංචි...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...