28.4 C
Colombo
Wednesday, July 9, 2025

ඔලිම්පික් ධාවන ශූරියකට පෙම්වතා ගිනි තියලා

- Advertisement -

උගන්ඩාවේ ඔලිම්පික් මළල ක්‍රීඩිකාවක වන රෙබෙකා චෙප්තගයි ඇයගේ හිටපු පෙම්වතා විසින් ගිනි තැබීමට ලක් කිරීමෙන් දින කිහිපයකට පසු මිය ගොස් තිබෙනවා.

උගන්ඩාවේ  මැරතන් ධාවන ශූරිය වන 33 හැවිරිදි රෙබෙකා  සිය පුහුණුවීම් කටයුතුවල නිරත වෙමින් කෙන්යාවේ පදිංචිව සිටි අතර ඇය පසුගිය පැරිස් ඔලිම්පික් උළෙලටද සහභාගී වී තිබුණා.

විදෙස් මාධ්‍ය වර්තා කළේ පසුගිය ඉරිදා දිනයේදී ඇය පල්ලියට ගොස් නිවසට පැමිණි අවස්ථාවේදී ඇයගේ හිටපු පෙම්වතා ලෙස සැලකෙන පුද්ගලයා ඇයගේ සිරුරට පෙට්‍රල් වත් කර ගිනි තැබීමට කටයුතු කර ඇති බවයි.  

ගිනි තැබීමෙන් බරපතළ ලෙස පිළිස්සුම් තුවාලවලට ලක්වුණු  රෙබෙකා අනතුරුව රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණත් ශරීරයේ අවයව අක්‍රීය වීමෙන් ඇය මිය ගොස් තිබෙනවා.

කෙන්යානු ප්‍රාදේශීය බලධාරීන් සැක පළ කරන්නේ රෙබෙකා සහ ඇයගේ හිටපු පෙම්වතා අතර ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් තිබූ මත භේදාත්මක තත්වයක් හේතුවෙන් මෙම සිදූ වීම හට ගෙන ඇති බවටයි.

RECENT ARTICLES - SINHALA

වාහන මිල ඉහළ යනු ඇතැයි අනතුරු ඇඟවීමක්

වාහන ආනයනය කිරීම සඳහා මෙම වසර සඳහා වෙන් කළ මුදලින් ඉතිරි වී ඇත්තේ ඩොලර් මිලියන දෙසීයක් පමණක් බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී වාහන මිල යළි...

විමල් CID කැඳවයි

ශ්‍රී ලංකා රේගුව විසින් බහාලුම් 323 ක් නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක්...

බොරැල්ලේ වෙඩිතැබීමක්

බොරැල්ල ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේදී අද (08) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES