25 C
Colombo
Wednesday, March 19, 2025

‘එක රටක් එක නීතියක්’ ජනපති කාර්ය සාධක බලකායේ කාලය දීර්ඝ කෙරේ

- Advertisement -

එක රටක් එක නිතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ නිල කාලය තවත් මාස තුනකින් දිර්ඝ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවි‍ශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම බලකායේ ප්‍රධානත්වය දරන්නේ පූජ්‍ය ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් වන අතර එම පත්කිරීම සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් පිලිබඳ මහකොමසාරිස් මිශෙල් බැශලේ මහත්මිය ගේ වාර්තාවේ ද සටහන්ව තිබිණ.

මෙම ගැසට් නිවේදනයට අනුව පෙබරවාරි මස 28 වනදා සිට තවත් මාස තුනක් දක්වා එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ නිල කාලය දීර්ඝ වේ.

අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි මහජන සහ විද්වත් මණ්ඩල අදහස් ලබා ගැනීමට අවශ්‍ය වන බැවින් මෙලෙස තවදුරටත් කාලය දිර්ඝ කළ බවයි.

එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ නිල කාලය ඊයේ දිනයෙන් අවසන් විමට නියමිතව තිබුණි.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට 

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙනගොස් තිබෙනවා. දේශබන්දු තෙන්නකෝන් එහි සාමාන්‍ය වාට්ටුවක රඳවා ඇති බව‍යි වාර්තා වෙන්නේ. අධිකරණයෙන් සැඟවී දින...

රුපියල් මිලියන 3.8කට වැඩි කීරි සම්බා තොගයක් රාජසන්තක කෙරේ

පිටකොටුවේ වෙළෙඳසැලක තිබූ රුපියල් මිලියන 3.8 කට අධික වටිනාකමින් යුත් සහල් තොගයක් රාජසන්තක කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ, වෙළෙදසැලේ සඟවා තබාගෙන සිටි...

දේශබන්දුගෙ බිරිඳගෙන් පැමිණිල්ලක්

සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ (18)...

POPULAR ARTICLES