29 C
Colombo
Friday, March 29, 2024

‘එක රටක් එක නීතියක්’ ජනාධිපති කාර්ය සාධක බලකායට දෙමළ ජාතිකයන් තිදෙනෙක් පත්කෙරේ

- Advertisement -

‘එක රටක් එක නීතියක්’ සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් ලෙස දෙමළ ජාතිකයින් තිදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර තිබෙනවා.

ඒ අනුව රාමලිංගම් චක්‍රවර්ති කරුණාකරන්, යෝගේෂ්වරී පත්ගුණරාජා සහ අයියාම්පිල්ලෙයි දයානන්දරාජා යන සාමාජිකයින් තිදෙනා පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

මීට පෙර මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහා දෙමළ ජාතික සාමාජිකයින් ඇතුළත් නොවුණු අතර ඊට විවිධ පාර්ශව වලින් දැඩිව චෝදනා එල්ල වුණා.

එමෙන්ම ‘එක රටක් එක නීතියක්’ සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතීත්වයට බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පත්කිරීම පිළිබදව සමාජයෙන් දැඩි විරෝධයක් එල්ලවී තිබෙනවා.

ඊට විරෝධය පා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාද සිය ඇමති ධූරයෙන් හා මන්ත්‍රී ධූරයෙන්ද ඉල්ලා අස්වීමට සූදානම් වූ බවට තොරතුරු වාර්තා වුණා.

මේ අතර මෙම ජනාධිපති කාර්ය සාධක බලකායට ජනාධිපතිවරයා විසින් පත්කරන ලද මහාචාර්ය දයානන්ද බණ්ඩා මහතා සහ කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ් මහතා එහි සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

හොඳම වෙලාව බලලා බලවත්ම සන්ධානය එලියට දානවා-රවී කරුණානායක

සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. මේ වන විට හතු පිපෙනවා...

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...