ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙන් එක් අයකු ජීවිතක්ෂයට පත්ව පස් දෙනකු තුවාල ලබා ඇති බව තඹුත්තේගම පොලිසිය පවසනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ, කොළඹ අනුරාධපුර ඒ 28 ප්‍රධාන මාර්ගයේ තඹුත්තේගම බෙල්ලන්කඩවල ප්‍රදේශයේදීයි.
කුඩා ප්‍රමාණය ලොරි රථයේ රියැදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසියා සඳහන් කළේ.
බණ්ඩාරගම සිට අනුරාධපුර ප්‍රදේශයට අඹ කැඩීම සදහා පැමිණි කුඩා ප්‍රමාණය ලොරි රථයක් සහ අනුරාධපුර සිට තඹුත්තේගම දක්වා ඉන්ටලොක් ගල් පටවා ගත් විශාල ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.