32 C
Colombo
Friday, March 29, 2024

කොවිඩ් වසංගතය ගැන වැරදි තොරතුරු පලකල වීඩියෝ මිලියනයක් Youtube වෙබ් අඩවියෙන් ඉවතට

- Advertisement -

පවත්නා කොවිඩ් වසංගත තත්ත්ය පිළිබදව වැරදි සහ අනතුරුදායක තොරතුරු අන්තර්ගතව නිර්මාණය කරන ලද වීඩියෝ මිලියනයක පමණ ප්‍රමාණයක් එම වෙබ් අඩවියෙන් ඉවත්කිරීමට Google සමාගම තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත්කරමින් Google සමාගම පවසන්නේ තමන් සතු Youtube වෙබ් අඩවියේ ඇති මෙවන් වැරදි හා හානිදායක තොරතුරු රැගත් වීඩියෝ තවදුරටත් එම වෙබ් අඩවියේ පලකල නොහැකි බවයි.

කොවිඩ් ගෝලීය වසංගත තත්ත්වය සහ එයට ප්‍රතිකාර යැයි පවසමින් ප්‍රචාරය වන වැරදි සහ හානිකර තොරතුරු ප්‍රචාරයවීම වැළැක්විමට ප්‍රමාණවත් පියවර නොගත් බවට තම සමාගමට විවිධ රටවල්වල දේශපාලන නායකයන්ගෙන් චෝදනා එල්ල වී තිබු බවද ඔවුන් නිවේදනය කරනවා.

මේ හේතුවෙන් කොවිඩ් වෛරසය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය , ඇමරිකානු රෝග පාලන ආයතනය ඇතුළු සෞඛ්‍ය සංවිධාන වල විද්වත් මත වලට ප්‍රමුඛත්වය ලබා දිමට පමණක් තීරණය කල බව එම සමාගම පවසනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...