මහරගම – පමුණුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
අනතුරින් මියගොස් ඇත්තේ පිළියන්ද ප්‍රදේශයේ පදිංචි සුපුන් සුලෝකන අකලංක නැමැති 30 හැවිරිදි අයෙක්.
ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවයේ නිරතව සිටි කළමණාකරණ සහකාරකවරයෙකු බවද පොලීසිය පවසනවා.
ඔහු ශ්‍රී ජයවර්ධනපුර නව රෝහල දෙස සිට යතුරු පැදියෙන් පමුණුව දෙසට එමින් සිටියදී නව රෝහල දෙසට ධාවනය වූ සුඛෝපභෝගී ජීප් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මෝටර් රථ දෙකක, ත්‍රීරෝද රථයක සහ යතුරුපැදියක ගැටී අනතුර සිදුව තිබුණා.
අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
පොලිසිය පවසන්නේ, අනතුර සම්බන්ධයෙන් ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සිද්ධය සම්බන්ධව මහරගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
මේ අතර, දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම් මාර්ගයේ වලහන්දූව ජනාධිපති බාලිකා විද්‍යාලය අසල මාර්ගයේ අද (30) සවස සිදුවූ අනතුරකින් මවක් සහ දියණියක් තුවාල ලබා තිබෙනවා.
ඒ, නවතා තිබූ මෝටර් රථයක තවත් මෝටර් රථයක් ගැටීමෙන්.
තුවාල ලැබූවන් ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.
නවතා තිබූ මෝටර් රථයේ පුද්ගලයන් 4 දෙනෙකු සිට ඇති අතර, පිටුපස අසුනේ සිටි කාන්තාව සහ ඇයගේ දියණිය මෙලෙස තුවාල ලබා තිබුණා.
අනතුරත් සමග නවතා තිබූ මෝටර් රථය අසල පිහිටි ගලක වැදී තිබෙනවා.