24 C
Colombo
Thursday, February 13, 2025

ආණ්ඩුවේ කයිය විතරයි – විමල්

- Advertisement -

වත්මන් ආණ්ඩුව විවිධ කතා කියමින් රටේ අනෙකුත් ප්‍රශ්න අමතක කරවීමේ උත්සාහයක නිරතව සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා.

බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළා.

විමල් වීරවංශ මහතා මෙහිදී කියා සිටියේ ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා ඉන්දියාව සමග කටයුතු කිරීම තුළින් මෙරට ජනතාවගේ දත්ත වෙනත් බාහිර පාර්ශ්වයන් අතට පත්වීමේ අවදානමක්ද පවතින බවයි.

“ඩිජිටල් හැඳුනුම්පතක් ලංකාවට අනවශ්‍යයි කියන එක නෙමෙයි අපේ ස්ථාවරය. ඉන්දියානු සමාගමක් හරහා මෙය කරගැනීමට යෑමෙන් දත්ත ඔවුන් අතට පත්වීම වළක්වන්න බැහැ. ඔවුන්ට නිසි පරිද එම දත්ත භාවිත කිරීම වළක්වන්නත් බැහැ.”

“මට නම් පෙන්නේ මේ ආණ්ඩුව කයි පාලනයක් විදිහට. ආපු දවසේ ඉඳලා තවම හිතන් ඉන්නේ විපක්ෂයේ කියලා. මොකක් හරි එකක් අල්ලගෙන කයි ටෝක් එකක් දෙනවා. ඒකෙන් අනික් ප්‍රශ්න අමතක කරනවා. දැන් ඉන්දියාවත් එක්ක ගහන්න යන ගිවිසුම් ගැන ප්‍රශ්න අමතක කරනවා…. එට්කා ගිවිසුම ගැන ප්‍රශ්න අමතක කරවනවා. කයි පාලනය ඇවිල්ලා කවුරු හරි හිටපු රාජ්‍ය නායකයෙක් ගේ නිල නිවස ගන්න එක, ආරක්ෂකයෝ අයින් කරන එක, අපි කවුරු කැමති වුණත්, නැතත් පිළිගන්න ඕනේ මහින්ද රාජපක්ෂ මේ රටේ අවදානමක් අරගෙන ත්‍රස්තවාදය පරාජයට පත්කළා…. එහෙම පුද්ගලයෙකුට ජීවිත අවදානමක් නැහැ කියන්න බැහැ. තවදුරටත් කයි නොදී මේ රටේ තියෙන ගැටලුවලට උත්තර දෙන්න. නැත්නම් කයි පාලනයට වැඩිකල් දුවන්න වෙන එකක් නැහැ

RECENT ARTICLES - SINHALA

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති. පසුගිය...

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුම්

මේ වන විට නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය...

භාෂා පරිවර්තකයින්ගේ සංචිතයක්

මෙරට රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තකයින්ගේ විශේෂ සංචිතයක් නිර්මාණය කිරීමට ජාතික ඒකාබද්ධතා අමාත්‍යත්‍යාංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සඳහන් කළේ, ප්‍රදේශවලට අනුකූලව...

POPULAR ARTICLES