25 C
Colombo
Friday, January 17, 2025

පොලීසියේදී ගිනි අවියක් පත්තු වී කොස්තාපල්වරියක් රෝහලේ

- Advertisement -

පොලිස් ස්ථානයකදී ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් කාන්තා පොලිස් කොස්තාපල්වරියක් තුවාල ලබා ‍රෝහල් ගත කර ඇති බවට පුවතක් ‘ලංකාදීප’ වාර්තා කරනවා.

මහවෙල පොලිස් ස්ථානයේදී කොස්තාපල්වරයෙකු සතුව තිබූ ගිනි අවියක් මෙසේ ක්‍රියාත්මක වී ඇති අතර එහි උණ්ඩයක් අසල සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ පාදයේ වැදීමෙන් ඇය තුවාල ලබා තිබෙනවා.

මෙසේ තුවාල ලබා ඇත්තේ මහවෙල පොලිසියට අනුයුක්තව විවිධ පැමිණිලි අංශයේ පරිගණක ක්‍රියා කරවමින් සිටි පොලිස් කොස්තාපල්වරියක්.

පොලීසිය තවදුරටත් සඳහන් කර ඇත්තේ  වෙඩි වැදීම සම්බන්ධයෙන් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බවයි.

මහවෙල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් 119 රාජකාරී සඳහා පිටව ගොස් අවශ්‍යතාවයක් සඳහා නැවත පොලිස් ස්ථානයට පැමිණ ඇති අතර එහිදී කොස්තාපල්වරයකු සතුව තිබූ රිවෝල්වරය ක්‍රියාත්මක වී මෙම සිදුවීම හට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES