26.7 C
Colombo
Monday, June 16, 2025

ලෝක රූ රැජින කිරුළ දිනු තායිලන්තයේ ඔපල් සුචාතා

- Advertisement -

72 වන ලෝක රූ රැජිණ තරඟය ඊයේ (31) රාත්‍රියේ හයිද්‍රාබාද් හි HITEX ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී අති උත්කර්ෂවත් ලෙස අවසන් වුණා.

මෙවර ලෝක රූ රැජිණ කිරුළ දිනාගැනීමට තායිලන්තය නියෝජනය කළ ඔපල් සුචතා චුවාංස්රිට හැකියාව ලැබුණා.

කාන්තාවන්ගේ සෞඛ්‍ය දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ඇයගේ සමබරතාවය, විශ්වාසය සහ කැපවීම තුළින් ඇය මෙම කිරුළ දිනා ගත්තා.

22 හැවිරිදි ඔපල් සුවතා ලොව පුරා තරඟකරුවන් 100 කට වැඩි පිරිසක් අභිබවායමින් මෙම කිරුළ ජයග්‍රහණය කිරීම විශේෂත්වයක්

ඉතියෝපියාව නියෝජනය කළ හැසෙට් ඩෙරෙජේ ඇසු 72 වන ලෝක රූ රැජිණ තරගයේ අනුශූරතාව ජයග්‍රහණය කළා.

මෙවර ලෝක රූ රැජින කිරුළ දිනූ ඔපල් සුචතා 2003 මාර්තු 20 වැනි දින තායිලන්තයේ උපත ලබා ඇති අතර, ඇය ප්‍රසිද්ධ නිරූපිකාවක් සහ බහු රූපලාවන්‍ය තරග ජයග්‍රාහිකාවක්.

2024 වසරේ දී තායිලන්තේ රූ රැජින කිරුළ දිනාගනිමින් ඔපල් සුචතා 72 වන ලෝක රූ රැජිණ තරගය සඳහා ඉදිරිපත් වුණා.

මේ වනවිට තම්මාසාට් විශ්ව විද්‍යාලයේ දේශපාලනය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් හදාරමින් සිටින ඇය ත්‍රයිභාෂා දක්ෂතාවයකින් යුක්ත තරුණියක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඊට අමතරව සුරතල සතුන්ට දැඩිලෙස ආදරය දක්වන තැනැත්තියක් වන ඇය සතුව බළලුන් දහසය දෙනෙකු සහ බල්ලන් පස් දෙනෙකු සිටිනවා.

එමෙන්ම ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශිෂ්‍යාවක් වන ඔපල් සුචතා තානාපතිවරියක් වීමට කැමැත්තෙන් පඩුවන බවයි පවසා ඇත්තේ.

ඔපල් මනෝවිද්‍යාව සහ මානව විද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන අතරම, ඇය පියයුරු පිළිකා වෙනුවෙන් සටන් කරන සංවිධාන සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සහයෝගය දක්වන තැනත්තියක් ද වනවා.

මේ අතර සති ගණනාවක් පුරා අංශ කිහිපයක් ඔස්සේ පැවති 72වන ලෝක රූ රැජින තරඟයේ කූටප්‍රාප්තිය සනිටුහන් කරමින් 2024 ලෝක රූ රැජින ක්‍රිස්ටිනා පිස්කෝවා විසින් ජයග්‍රාහිකාව වු ඔපල් සුචතා චුවාංස්රිට කිරුළු පළඳවනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ බලන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්ගයට විශාල ගසක් අද (16) උදෑසන කඩා වැටීමෙන් කොළඹ කොටුව - බදුල්ල දුම්රිය ධාවනයට බාධා සිදුව...

රටේ නිල සංචිත ගැන මහ බැංකුව කියන්නේ බොරු – වෙරිටේ රිසර්ච්

ශ්‍රී ලංකා මහ බැංකුව නිල වශයෙන් වාර්තා කර ඇති නිල විදේශ සංචිතවල ප්‍රමාණය තිබෙන ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 1.4කට වැඩි අගයක් බව වෙරිටේ රිසර්ච්...

කොළඹ මහ නගර සහාව උණුසුම්

කොළඹ මහ නගර සභාවේ පළමු සභා වාරය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.  එහි දී නගරාධිපතිවරයා සඳහා වන ජාතික ජන බලවේගය නියෝජනය කරමින්, ව්‍රායි කැලී...

POPULAR ARTICLES