26 C
Colombo
Friday, March 29, 2024

ලොවක් මවිත කළ ඔපරේෂන් ගංගා මානුෂීය මෙහෙයුම

- Advertisement -

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ ඊයේ (07 – සඳුදා) දුරකථන සංවාදයක නිරත වූ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යුක්රේනයේ සුමි නගරයේ සිරවී සිටින ඉන්දීය සිසුන්ගේ සුරක්ෂිතතාව පිළිබඳ “ගැඹුරු කනස්සල්ල” ප්‍රකාශ කළ අතර ඔවුන් ඉක්මනින් ඉවත් කිරීමේ අපේක්ෂාව පැහැදිලි කරනු ලැබ තිබෙනවා.

මිනිත්තු 50ක දුරකථන සංවාදයේදී මෝදි යෝජනා කළේ පුටින් සහ යුක්රේන ජනාධිපති වොල‍දිමීර් සෙලෙන්ස්කි අතර සිදුවන සෘජු සංවාදයක් දැනට පවතින සාම ප්‍රයත්නයන්ට බෙහෙවින් උපකාර විය හැකි බවයි.
නිල ආරංචි මාර්ග පැවසුවේ ඉන්දීය පුරවැසියන් සුමි වෙතින් ඉක්මනින් ඉවත් කිරීමේ වැදගත්කම මෝදි අවධාරණය කළ අතර ඔවුන් ඊසානදිග යුක්‍රේන නගරයෙන් ආරක්ෂිතව පිටතට ගෙන ඒම සඳහා හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බවට පුටින් ඉන්දීය රාජ්‍ය නායකයාට සහතික වූ බවයි.

රුසියානු සහ යුක්රේන හමුදා අතර දරුණු සටන් මධ්‍යයේ ඉන්දීය සිසුන් 700ක් පමණ සුමි හි අතරමංව සිටිනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන්දියානු සිසුන් ඇතුළු සිවිල් වැසියන් ඉවත් කිරීමට පහසුකම් සැලසීම සඳහා “මානුෂීය කොරිඩෝ” සම්බන්ධයෙන් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පුටින් විසින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ බවයි.

දින 11 කට පෙර යුක්රේනයේ හමුදා ගැටුම ආරම්භ වීමෙන් පසු නායකයින් දෙදෙනා අතර සිදුවූ තුන්වන දුරකථන සංවාදය මෙයයි.

පෙර දිනයේදී මෝදි යුක්රේන ජනාධිපති වොල‍දිමීර් සෙලෙන්ස්කි සමඟ කතා කළ අතර නගරයේ සුමි නගරයේ සිරවී සිටින ඉන්දියානුවන් ඉවත් කිරීම සඳහා ඔහුගේ අඛණ්ඩ සහයෝගය ඉල්ලා සිටියා.
සංවාදය අතරතුර, සෙලෙන්ස්කි “ගැටුම් තත්ත්වය” සහ යුක්රේනය සහ රුසියාව අතර පවතින සාකච්ඡා පිළිබඳව සවිස්තරාත්මකව අගමැතිවරයාට විස්තර කර තිබෙනවා.

පසුගිය දින කිහිපය තුළ ඉන්දියාව සිය සිසුන් සුමි වෙතින් ඉවත් කර ගැනීම කෙරෙහි අවධානය යොමු කළේය.
පසුගිය සෙනසුරාදා ඉන්දීය සිසුන් වීඩියෝවක් පළ කළේ තමන් සුමි සිට රුසියානු දේශසීමාවට යාමට තීරණය කර ඇති බවත්, ඔවුන්ට යම් අනතුරක් සිදුවුවහොත් ඉන්දීය රජය සහ යුක්රේනයේ තානාපති කාර්යාලය වගකිව යුතු බවයි.

වීඩියෝවෙන් පසුව, යුක්රේනයේ ඉන්දීය තානාපති කාර්යාලය ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙළා නොගන්නා ලෙසයි.
ඔවුන් ආරක්ෂිතව ඉවත් කිරීමේ වැඩපිළිවෙලේ කිසිදු වෙනසක් නොමැති බවද තානාපති කාර්යාලය සිසුන්ට දැනුම් දුන්නා. සිසුන් එම සහතිකය පිළිගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

යුක්රේනයේ ඉන්දීය තානාපති කාර්යාලය ඉරිදා පැවසුවේ, සුමි හි සිටින ඉන්දියානු සිසුන් පෝටාවා හරහා බටහිර දේශසීමාව වෙත ආරක්ෂිතව ගමන් කිරීම සම්බන්ධීකරණය කිරීම සඳහා මෙහෙයුමේ කණ්ඩායමක් පෝටාවා නගරයේ ස්ථානගත කර ඇති බවයි.

රුසියානු ආක්‍රමණයත් සමග යුක්රේනයේ සිරවූ ඉන්දියානුවන් ඉවත් කිරීම සඳහා ඉන්දීය රජය ගංගා මෙහෙයුම ආරම්භ කළේ පෙබරවාරි 26 වැනිදායි.
රුමේනියාව, හංගේරියාව, ස්ලෝවැකියාව සහ පෝලන්තය යන රටවල සිට මෙම මෙහෙයුමට ගුවන් මෙහෙයුම් 80ක් ඇතුළත්.

යුක්රේනයේ සිටින ඉන්දීය පුරවැසියන්ට රජය දැනුම් දී තිබෙන්නේ වහාම යුක්රේනයෙන් ආරක්ෂිතව පිටවී දේශ සීමා අසලට පැමිණෙන ලෙසයි.
මුදා ගැනීමේ මෙහෙයුම් අධීක්ෂණය හා සම්බන්ධීකරණය සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් හංගේරියාව, රුමේනියාව, ස්ලෝවැකියාව සහ පෝලන්තය යන රටවලට ජෝතිරාදිත්‍ය සින්ඩියා, හර්දීප් සිං පූරි, කිරන් රිජිජු සහ වී.කේ. සිං යන අමාත්‍යවරුන් සිව්දෙනා පිටත් කර යවනු ලැබුවා.

එයාර් ඉන්දියා, එයාර් ඉන්දියා එක්ස්ප්‍රස්, ඉන්ඩිගෝ, ස්පයිස් ජෙට්, විස්තාරා, ගෝ එයාර් යන වානිජ ගුවන් සමාගම් සහ ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් යානා ගංගා මෙහෙයුම සමග එක්ව සිටිනවා.
ගංගා මෙහෙයුමට සහය දැක්වීම සඳහා පවතින දැඩි අවධානම මධ්‍යයේ වුවත් යුක්රේනයේ කියෙව් හි ඉන්දීය තානාපති කාර්යාලය තවදුරටත් විවෘතව තබා ගැනීමට ඉන්දීය විදේශ අමාත්‍යංශය කටයුතු කර තිබීම කැපී පෙනෙන කරුණක්.

දේශසීමා තරණය කොට අසල්වැසි රටවලට පැමිණෙන ඉන්දීය ජාතිකයින්ට පහසුකම් සැලසීම සඳහා ලිවිව් හි තාවකාලික කාර්යාලයක් පිහිටුවීමට ද කියෙව් තානාපති කාර්යාලය කටයුතු යොදා තිබෙනවා.
ඉන්දීය විදේශ ගමන් බලපත්‍ර අහිමි වූවන් සඳහා හදිසි සහතික නිකුත් කිරීමේ යාන්ත්‍රණයක් ද එහි ස්ථාපිතයි.
ගංගා මෙහෙයුම යටතේ ඉන්දීය ජාතිකයින් 15,900කට වැඩි පිරිසක් විශේෂ ගුවන් යානා මගින් ආපසු ගෙන්වා ගැනීමට හැකි වූ බව ඉන්දීය රජය නිවේදනය කළා.

“විශේෂ සිවිල් ගුවන් ගමන් 66කින් ගෙන්වා ගනු ලැබූ ඉන්දියානුවන් සංඛ්‍යාව 13852 දක්වා ඉහළ යයි. මේ දක්වා, ඉන්දීය ගුවන් හමුදාව විසින් මගීන් 2056ක් ආපසු ගෙන්වා ගැනීම සඳහා ගුවන් යානා 11ක් පියාසර කර ඇති අතර, ගංගා මෙහෙයුමේ කොටසක් ලෙස මෙම රටවලට ටොන් 26ක සහනාධාර රැගෙන ගොස් තිබෙනවා. ” අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

කාර්කිව් සහ සුමි හැර යුක්රේනයේ ඉතිරි ප්‍රදේශවලින් සියලුම ඉන්දියානුවන් පාහේ ඉවත් කරගෙන ඇති බව ඉන්දීය රජය පවසනවා.
මේ අතර යුක්රේනයේ පීසෝගන් සිට සිසුන් 44 දෙනෙක් පෝලන්ත දේශ සීමාව වෙතත් තවත් 150 දෙනෙක් රුමේනියා දේශ සීමාව වෙතත් පැමිණෙමින් සිටින බව යුක්රේනයේ ඉන්දීය තානාපති කාර්යාලය ට්විටර් සටහනක් තබමින් කියා සිටියා.

එමෙන්ම කවර බාධක පැමිණියද සියලු සිසුන් ආරක්ෂිතව මුදා ගන්නා තෙක් පීසෝගන් වෙත ආහාර හා ජලය සැපයීම අඛණ්ඩව සිදුකරන බවද තානාපති කාර්යාලය සහතික වනවා.

මේ අතර යුද්ධයෙන් විනාශ වූ යුක්‍රේනයේ අතරමං වූ තම රටේ පුරවැසියන් ඉවත් කිරීම සඳහා දියත් කර තිබෙන ගංගා මෙහෙයුමේ සාර්ථකත්වය ගෝලීය අවකාශයේ ඉන්දියාවේ වර්ධනය වන බලය හේතු වන්නේ යැයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පූනේහි සහජීවන විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකදී පවසා සිටියා.

“ගංගා මෙහෙයුම හරහා අපි දහස් ගණනක් ඉන්දියානුවන් යුද කලාපයෙන් ආරක්ෂිතව ඉවත් කරනවා. බොහෝ බලවත් රටවල් තම පුරවැසියන් මුදා ගැනීමේදී දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිනවා. “, අගමැති මෝදි වැඩිදුරටත් සඳහන් කළා.

ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කරන එකම රට ඉන්දියාවයි.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...