27 C
Colombo
Saturday, May 24, 2025

කඩා වැටුණු හෙලිකොප්ටර් යානය ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි

- Advertisement -

හමුදා සෙබළුන් 06 දෙනෙකුට මරු කැඳවමින් මාදුරුඔය ජලාශයට වැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය ගොඩ ගැනීමේ මෙහෙයුම් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මෙම ගුවන් යානය හදිසි ගොඩ බෑමකදී ඊයේ (09) පෙරවරුවේ මාදුරුඔය ජලාශයට කඩා වැටුණා.

එම අනතුරින් ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

අනතුර සිදුවන අවස්ථාවේදී හමුදා සාමාජිකයින් 12 දෙනෙකු එහි ගමන් කර ඇති අතර සෙසු හමුදා සෙබළුන් 06 දෙනා ප්‍රතිකාර සඳහා අරලංගංවිල සහ පොළොන්නරුව රෝහල්වලට ඇතුළත් කිරීමට පියවර ගැනුණා.

මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ විශේෂ බළකායේ විසිර යෑමේ පෙළපාලියක නිදර්ශනයක් සඳහා එම ගුවන් යානය එදින උදෑසන 6.44ට පමණ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් ගුවන් ගුවන්ගත වී තිබුණා.

එහිදී මාදුරුඔය ප්‍රදේශයේදී හෙලිකොප්ටර් යානයට යුද හමුදා සාමාජිකයින් 06 දෙනෙකුද නංවා ගෙන ඇති අතර ඒ අනුව එම යානය තුළ ගුවන් නියමුවන්ට අමතරව ගුවන් හමුදා සාමාජිකයින් 6 දෙනෙකු සමග පුද්ගලයින් 12 දෙනෙකු සිට තිබෙනවා.

එහිදී යානයේ ඇතිවූ තත්ත්වයක් මත හදිසි ගොඩ බෑමක් සිදුකර ඇති අතර එහිදී යානය මාදුරුශය ජලාශයට පතිත වී ඇති බව ගුවන් හමුදාව පැවසුවා.

එහිදී කඩිනමින් ක්‍රියාත්මක වූ ගුවන් හමුදාව සහ යුද හමුදා සාමාජිකයින් අනතුරට ලක්වූ පිරිස මුදා ගැනීමට මෙහෙයුම් දියත් කෙරුණා.

එහිදී යානයේ සිටි 12 දෙනා මුදාගෙන අරලගංවිල ප්‍රාදේශීය රෝහලට සහ ඇතුළත් කළ අතර එහිදි 08 දෙනෙකු පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනුණු අතර එහිදි සෙබලුන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ යුද හමුදා විශේෂ බළකා සාමාජිකයින් සිව් දෙනෙකු සහ ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙක්.

RECENT ARTICLES - SINHALA

ලංගම බස් රථයක් ටිපරයක ගැටී මාරක අනතුරක්

කොළඹ - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී අද (24) අලුයම 2.45ට පමණ සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා . මෙසේ අනතුරට ලක්ව ඇත්තේ, මඩකලපුවේ සිට...

අද වැසි වැටෙන ප්‍රදේශ

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ...

බස් රථයක් පෙරළී අනතුරක්: 21ක් රෝහලේ

නුවරඑළිය - මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ...

POPULAR ARTICLES