27 C
Colombo
Friday, March 29, 2024

විදේශයන් ශ්‍රී ලංකාවට ඇඟිලි ගසනවාට විරුද්ධයි..! – චීනය

- Advertisement -

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු සඳහා විදේශයන් සිදුකරන අතපෙවීම්වලට විරුද්ධ වන බව චීනය අවධාරනය කර සිටිනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතමින් චීනය මේ බව ප්‍රකාශ කර සිටියා.

මෙරට මානව හිමිකම් කඩවීම් පිළිබඳව අවධානයෙන් සිටින බව මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය 48 වන මානව හිමිකම් සැසිවාරය අමතමින් සඳහන් කරනු ලැබුවා.

ඊට පිලිතුරු දෙමින් විදේශ කටයුතු අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මානව හිමිකම් සැසිවාරය අමතමින් පවසා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය යෝජනා කර ඇති 46/1 යෝජනාව ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බවයි.

ඉන්පසුව කවුන්සිලය ඇමතූ ස්ලෝවේනියානු නියෝජිත අනීටා පිෆන් අවධාරණය කර සිටියේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම්වලට අදාළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46/1 යෝජනාවේ කරුණු ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකාවට බලකර සිටින බවයි.

කෙසේ නමුත් මෙහිදී අදහස් දක්වමින් ජීනිවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ චීන නියොජිත චෙන් ෂූ පවසා සිටියේ මානව හිමිකම් මුවාවෙන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට විදේශීය අතපෙවීම් සිදු කිරීමට උත්සහ කිරීමට චීනය විරුද්ධවන බවයි.

මානව හිමිකම් සක්‍රීයව ප්‍රවර්‍ධනය කිරීම සහ ආරක්ෂා කිරීම, ජාතික සංහිඳියාව ඉහළ නැංවීම සහ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරන බවත් එහිදී ඔහු පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

ඥානසාර හිමිට ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ බව රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා. කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන්...

මුහුදුබඩ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් ගැන දැනුම් දීමක්

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ අද(29) හෙට සහ අනිද්දා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය විමේ ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී එන්.ජේ. ඉදිපොළගේ කියා සිටියේ බම්බලපිටිය...

මහ සිකුරාද දිනය අදයි, දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය ලොව පුරා කිතුනු බැතිමතුන් අද (29) සමරනු ලබනවා. අළු බදාදා දිනයෙන් ආරම්භ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...