25 C
Colombo
Friday, December 2, 2022

ව්‍යවස්ථාව උල්ලංඝණය කළ බවට පකිස්තාන කතානායකවරයා‍ට ‍චෝදනා

- Advertisement -

ආණ්ඩුක්‍රම ව්‍යවවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය කළ බවට පාකිස්තාන පාර්ලිමේන්තුවේ කථානායකවරයාට විපක්ෂ නායකයින් වන ෂෙහ්බාස් ෂරීෆ් සහ බිලාවල් භූතෝ-සර්දාරි දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ.

අගමැතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමේ සැසියක් සඳහා ඉල්ලීමක් ලැබීමෙන් පසු දින 14 ක් ඇතුළත පහළ මන්ත්‍රණ සභා රැස්වීමක් කැඳවිය යුතු බවට වූ ව්‍යවස්ථාමය ප්‍රතිපාදනය උල්ලංඝනය කළ බවට ඔවුන් මෙසේ කතානායකවරයාට ‍චෝදනා නගා ඇත.

ජාතික සභාවේ විපක්ෂ නායකයා කියා සිටියේ කථානායක අසාද් කයිසර්, ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ රැස්වීම මුවාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 54 (3) වගන්තිය හිතාමතාම උල්ලංඝණය කර ඇති බවයි.

ව්‍යවස්ථාපිත කාලසීමාව අවසන් වන තෙක් බලා නොසිට ඔහුට කලින් සැසිය කැඳවිය හැකිව තිබු බව විපක්ෂ නායකයෝ සඳහන් කරති.

මේ අතර පස්කිස්ථාන මහජන පක්ෂයේ සභාපතිවරයා පැවසුවේ වත්මන් ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් විශ්වාසභංගය මග හැරීමට උත්සාහ කරන බවයි.

මේ අතර, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍යවරයාගේ උපදේශක ආචාර්ය බබාර් අවන් මාර්තු 25 වැනි දින සැසිවාරය කැඳවීමට කථානායකවරයා ගත් තීරණය ආරක්ෂා කළ අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ඔහු සදහන් කර ඇත.

RECENT ARTICLES - SINHALA

මේ වෙලාවේ විදුලිබිල ඉහළ දාන්න අවශ්‍යතාවක් නැහැ – මහජන උපයෝගිතා කොමිසමේ සභාපති

0
විදුලිබිල ඉහළ නැංවීමට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. අද (01) කොළඹ පැවැති...

මෙරට සංචාරය කරමින් සිටි රුසියානු කාන්තාවක් ජීවිතක්ෂයට

0
අද (01) උදෑසන ගාල්ල උණවටුන දළවැල්ල ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් රුසියානු ජාතික කාන්තාවක් මියගොස් තිබෙනවා. මෙම අනතුරින් ගාල්ල...

පෙරදිග ධාන්‍යාගාරයෙන් පිටව යන්න සියයට 57කගේ කැමැත්ත

0
ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් අවස්ථාවක් ලැබුණහොත් සියයට 56.8ක් මෙරටින් පිටත්ව වෙනත් රටක ජීවත්වීමට කැමැත්තෙන් සිටින බව සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Forced cremation during Pandemic: Who forced Gvt to go ahead

0
Foreign Minister Ali Sabry told Parliament it was Prof. Meththika Withanage and Dr.Channa Jayasumana who insisted the Government carry on the cremation...

Parliament turns orange

0
A number of activities were held in Parliament today (1) under the leadership of the Women Parliamentarians’ Caucus in support of the...

“Your understanding is incorrect and incomplete,” the Chinese Embassy snaps back at Rasamanickam

0
In response to the claim of TNA MP Shanakiyan Rasamanickam that if China truly wishes to stand with the people of Sri...