32 C
Colombo
Friday, March 29, 2024

විපක්ෂය ස්ටිකරයක් පැළද පාර්ලිමේන්තු එයි (ඡායාරූප)

- Advertisement -

විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද (25) පාර්ලිමේන්තු සභා රැස්වීමට ස්ටිකරයක් හා විරෝධතා පටියක් පැළද පැමිණ සිටියා.

එහි සඳහන් වුණේ ‘කාන්තාවන්ට එරෙහි හිංසනය නවත්වනු’ යන්නයි.

පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට හා විපක්ෂ නායකවරයාගේ බිරිද සම්බන්ධ කරමින් සිදුකළ අසභ්‍ය ප්‍රකාශයට විරෝධය පලකරමින් ඔවුන් මෙලෙස පාර්ලිමේන්තුවට පැමිණ තිබුණා.

තිස්ස කුට්ටිආරච්චි මහතාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් කතානායකවරයාද දැඩිලෙස අවවාද කළත් ඔහු එම ප්‍රකාශය පිළිබදව සමාව නොගන්නා බව පවසා සිටියා.

කෙසේ වෙතත් මෙම අසභ්‍ය ක්‍රියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් හෝ ක්‍රියාමාර්ගයක් නොගැනීමද විශේෂත්වයක්.

අද පාර්ලිමේන්තුවේදී නැවත වරක් කතානායකවරයා හට විපක්ෂය බලකරමින් කියාසිටියේ පාර්ලිමේන්තු කාන්තාවන්ට සිදුකළ අපහාසය සම්බන්ධයෙන් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාට කිසියම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි.

RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...