27.4 C
Colombo
Wednesday, June 7, 2023

අත්අඩංගුවට ගත් ගුරුවරුන් බැලීමට ගිය විපක්ෂනායකට පොලිසියෙන් බාධා (වීඩියෝ)

- Advertisement -

ගුරු විදුහල්පති විරෝධතාවයට එක්වූ බවට චෝදනා කරමින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන වරාය පොලිසියේ රදවා සිටින ගුරුවරුන් පිළිබඳව සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) පෙරවරුවේ එම පරිශ්‍රයට පැමිණි අතර එහිදී වරාය පොලිසිය විසින් ඊට බාධා පමුණුවනු ලැබූවා.

ජනාධිපති ලේකම් කාර්යාලය අසළ පැවැත්වූ විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇතුළු 44 දෙනාගේ සුවදුක් විමසීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ වරාය පොලිසිය වෙත ගිය අතර මෙහිදී විපක්ෂනායකවරයාට එම ඇතුළුවීමට ඉඩ නොදීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගත්තා.

මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා විමසා සිටියේ රටක විපක්ෂනායකවරයාට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හෝ නීතිඥවරුන්ට පොලිසියක් තුළට යෑමට අවසර නැත්නම් රටක ඇත්තේ කිනම් ආකාරයක ප්‍රජාතන්ත්‍රවාදයක් දැයි යනුවෙනි.

එමෙන්ම, අත්තනෝමතික ලෙස රදවා සිටින ගුරුවරුන් පිළිබඳව සොයා බැලීමේ වගකීම විපක්ෂනායකයා ලෙස තමන්ට ඇති බවත් මේ පිළිබඳව තමන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් නගන බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියා.

RECENT ARTICLES - SINHALA

මහනුවර උසස් විදුහලක සිසු පිරිසක් තවත් සිසුවෙකුට විකට් පොලුවලින් පහර දීලා

මේ දිනවල පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්ණ පත්‍රය ඊයේ (06) පෙරවරුවේ මුහුණ දුන් මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ සිසුවෙකුට එම...

සාපෙළ විභාග වංචා තුනක් වාර්තා වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව වංචා සිද්ධීන් තුනක් ඊයේ (06) දින වාර්තා වී තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව...

යකඩ මිල ගණන් සීඝ්‍රයෙන් පහළට

යකඩවල මිල ගණන් 50%කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවෝ පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ආරම්භයේ දී...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...