29 C
Colombo
Thursday, June 1, 2023

විපක්ෂය ඇඳන් හදනවාටත් විරුද්ධයි, ජිම් දානවාටත් විරුද්ධයි; දැන් මොකද්ද කරන්න කියන්නෙ ? – නාමල්

- Advertisement -

කොවිඩ් වසංගත තත්වය හමුවේ වුවත් රට ක්‍රියාශීලීව පවත්වාගෙන යායුතු බවත් ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාගත යුතු බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ මෑතකදී ආන්දෝලනයට ලක්වූ කායවර්ධන මධ්‍යස්ථාන පිහිටුවීමේ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඊයේ (12) කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

“දැන් විපක්ෂය එක පැත්තකින් කියනවා ඇඳන් හදලා වැඩක් නෑ කියලා. අනිත් පැත්තෙන් කියනවා ජිම් දාලා වැඩක් නෑ කියලා. එහෙනම් දැන් මොකක්ද කරන්න කියන්නෙ ?

පැහැදිලිවම කොරෝනා ව්‍යාප්තියත් එක්ක මේ රට ගොඩනගන්න ඕනෙ. ඔය කියන කායවර්ධන මධ්‍යස්ථාන අපි දාන්න පටන් ගත්තෙ දෙසැම්බර් මාසෙ. කැබිනට් පත්‍රය ආවෙ ඒ සඳහා අනුමැතිය ලබාදීමට පමණයි, හැබැයි ඒ මේක අයවැය ලේඛනයේ ආපු නියමු ව්‍යාපෘතිය සාර්ථක නිසා. ඒවගේම තමයි ඒක ක්‍රියාත්මක කිරීම අපි කරන්නෙ මේ තුන්වෙනි රැල්ලෙන් පස්සෙ.

දැන් පැහැදිලිවම අපි කියන්න ඕනෙ කොරෝනා කියලා මේ රට ක්‍රියාශීලී රටක් නොවී ඉන්න බැහැ. ඒවගේම ක්‍රීඩාවෙන් අපි ඉස්සරහට යන්න ඕනෙ. අපි ජාත්‍යන්තර ජයග්‍රහණ දිනන්න ඕනෙ.

රටේ ආර්ථික යුද්ධයක් ජයග්‍රහණය කිරීම, එහෙම නැත්නම් ආර්ථිකය ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා අවශ්‍ය මේ රටේ ක්‍රියාශීලී නිරෝගී සම්පන්න දරු පරම්පරාවක් අපි බිහිකරන්න ඕනෙ” යැයි ඒ මහතා පවසයි.

RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...