පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින්, මන්ත්‍රීවරු හිටපු රාජ්‍ය නායකයින් සහ එම වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු පරිදි කප්පාදු කිරීමට අදාළව යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගෙ මහතා විසින් අද (09) පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කර තිබෙනවා.
ඒ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසයි.
මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ, සති දෙකක් ඇතුළත වරප්‍රසාද කප්පාදු කරන බවට රටම හමුවේ පොරොන්දු වූ ආණ්ඩුවක් මේ වන විට මස හතක් ගත වූවත් එය ක්‍රියාත්මක කර නැති බවයි.
එමෙන්ම පසුගිය වත්මන් ආණ්ඩුව මැතිවරණ ජයග්‍රහණයට දින වකවානු සහ විශාල පොරොන්දු ලබා දුන් බවත් ඒවා ක්‍රියාත්මක නොකරන බැවින් ආණ්ඩුව විසින් ජනතාව රවට්ටන බවත් හේෂා විතානගේ මහතා කියා සිටියා.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ හේෂා විතානගේ මහතා :
“ ආණ්ඩුව වත්මන් ආණ්ඩුව මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ඕනෙ. සති දෙකක් ඇතුළත මේ යෝජනා ක්‍රියාත්මක වෙනවා කියලා පොරොන්දු වුණා මුළු රටටම. දැන් මාස හතක් ගෙවිලා තියෙනවා. දින වකවානු එක්ක වත්මන් ආණ්ඩුව ලබාදීම මන් හිතනවා පහුගිය මැතිවරණය ඔවුන්ගේ ජයග්‍රහණයට ලොකු රුකුලක් වුණා. දැන් අද වෙනකොට පාර්ලිමේන්තු හෝජනාගාරෙන් කෑම ගන්නේ නැත්තේ 225න් මම විතරයි. මම කියන්නේ මේ මන්ත්‍රීවරුන්ට ඒක දෙන්න ඕනේ. හැබැයි ඒ ඒ වරප්‍රසාද දෙන්න ඕනේ කියලා දැනගෙන මේ ඊළඟට එන මන්ත්‍රීවරුන්ට එතනින් එහාට වෙන විකල්පයක් නෑ කියලා දැනගෙන මේ රටේ සමාජය රවට්ටපු එක සමාජයට බොරු කියපු ඒ වන්දිය ගෙවන්න ඕනේ. ඒ බොරුව කියලා වරප්‍රසාද භුක්ති වීඳිනවනම් චිරාත් කාලයක් මේක හුක්ති විඳපු මිනිස්සුන්ට වඩා ලොකු වරදක්. අද වෙනකොට මේ මාතෘකාව සම්පූර්ණයෙන් යට ගිහිල්ලා තියෙන්නේ.