23 C
Colombo
Friday, February 14, 2025

විපක්ෂය හොරු ආරක්ෂා කරනවා – බිමල්

- Advertisement -

ආණ්ඩුවට අසත්‍ය චෝදනා නගමින් විපක්ෂය හොරු ආරක්ෂා කිරීමට ඉදිරිපත්වී සිටින බව අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ (30) ප්‍රකාශ කළා.

නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ඊයේ පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වරායෙන් බහලුම් 323 ක් පරීක්ෂා නොකර පිට කිරීමට පියවර ගත්තේ යැයි ආණ්ඩුවට නගන චෝදනාවලට පිළිතුරු දෙමින්.

කොළඹ වරායේ බහලුම් පරීක්ෂා කිරීමේදී ඇතිවූ ප්‍රමාදයත් සමඟ රේගු වෘත්තියක සමිතියක් පසුගියදා මාධ්‍ය හමුවක් කැදවා බහලුම් 323 ක් පරීක්ෂා කිරීමකින් තොරව මුදාහැර ඇතැයි ප්‍රකාශ කළා.

එම ප්‍රකාශයෙන් අනතුරුව සමගි ජන බලවේගය සහ පොදුජන පෙරමුණ ඇතුළු පාර්ශ්ව චෝදනා කළේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසුෆ් මහතාගේ මැදිහත්වීමෙන් ඔහුගේ සමාගමක් මේ බහලුම් මුදාගෙන ඇති බවයි.

පෙරේදා (29) මේ චෝදනාවට ප්‍රතිචාර දැක්වූ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා අවධාරණය කලේ තමන්ගේ නමට හෝ තමන්ට අයත් සමාගමක නමට කිසිදු බහලුමක් වරායෙන් මුදාහැර නොමැති බවයි.

මෙය දේශපාලන උවමනාවක් මත නැගූ බොරු චෝදනාවක් බව ද ආණ්ඩුකාරවරයා අවධාරණය කර සිටියා.

මේ අතර විපක්ෂය චෝදනා නැගූ සමාගම ද ඊයේ(29) ප්‍රතිචාර දැක්වූ අතර ඔවුන් අවධාරණය කළේ, ඔවුන් ගනුදෙනුකරුවන්ට භාණ්ඩ ප්‍රවාහන හා සැපයුම් පහසුකම් සපයන්නේ භාණ්ඩ ප්‍රවාහන හා සැපයුම් සේවා සපයන්නෙකු ලෙස පමණක් වන අතර ආනයනකරුවෙකු ලෙස නොවන බවයි.

ශ්‍රී ලංකා රේගුව විසින් පරීක්ෂාවකින් තොරව නිශ්කාශනය කරන ලැදැයි කියනු ලබන බහලුම් 323 න් කිසිවක් තම සමාගම හෝ අනුබද්ධ සමාගමකින් ආනයනය කර හෝ නැව්ගතකර හෝ වාප්පු නිශ්කාෂණ කටයුතු කර හෝ නොමැති බවද ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES