24 C
Colombo
Thursday, February 13, 2025

සයිටම් නඩුවට අධිකරණයෙන් නියෝගයක්

- Advertisement -

සයිටම් විශ්ව විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් 2017 ඔක්තෝම්බර් මස 10 වැනිදා සිදු කළ උද්ඝෝෂණයකදී අධිකරණ නියෝග කඩ කළ බවට අන්තර් විශ්ව විද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ලහිරු වීරසේකර සහ භික්ෂු බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමියන්ට එරෙහිව පැවරූ නඩුවෙන් ඔවුන් දෙදෙනා නිදහස් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර අද 16 නියෝග කළා.

පූර්වගාමී මහේස්ත්‍රාත් දැනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි විසින් නිකුත් කළ පිටු 11 යුතු නියෝගය කියවමින් මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කර තිබෙනවා.

සැකකරුවන් දෙදෙනාට එරෙහිව පවතින චෝදනා සාධාරණ සැකයකින් ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත්ව ඇති බව කියමින් මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කළා.

නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදා හැර ඇති අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ලහිරු වීරසේකර සහ භික්ෂු බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමියන් අධිකරණයේ පෙනී සිටියා.

RECENT ARTICLES - SINHALA

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුම්

මේ වන විට නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය...

භාෂා පරිවර්තකයින්ගේ සංචිතයක්

මෙරට රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තකයින්ගේ විශේෂ සංචිතයක් නිර්මාණය කිරීමට ජාතික ඒකාබද්ධතා අමාත්‍යත්‍යාංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සඳහන් කළේ, ප්‍රදේශවලට අනුකූලව...

විදුලි කප්පාදුව ගැන අවසන් තීරණය අද

විදුලිය කප්පාදුව තවදුරටත් සිදුකරන්නේ ද ? නැද්ද ? යන්න සම්බන්ධයෙන් අද (13) දිනයේ තීරණය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය...

POPULAR ARTICLES