ජාතික ජනබලවේයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති බව හඟවන ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා.
ජාතික ජනබලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම දැනුම් දී සිදු කර තිබුණා.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම දැනුම්දීම සිදු කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේයි.
සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය කර ඇති බව කියන මෙම ලිපියේ ජාතික ජනබලවේග රජයක් යටතේ කිසිදු ආගමකට ප්‍රමුඛතාවක් නොමැති බවට හා සියලු ආගම් රජයෙන් වෙන් කරන බවට සඳහන් කර ඇති බව සඳහන්.