30 C
Colombo
Tuesday, April 29, 2025

වැලිගම වෙඩිතැබීමට සෙසු සැකකරුවන්ව අත්අඩංගුවට නොගන්නැයි නියෝගයක් 

- Advertisement -

අභියාචනාධිකරණයේදී ඇතිකර ගත් එකඟතාව මත මූලික විමර්ශන අවසන් වන තෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇතුළු සැකකරුවන් 06දෙනා අත්අඩංගුවට නොගන්නා ලෙසට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමෙන් පසු ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසටත් නීතිපතිවරයා උපදෙස් දී ඇති බවයි. 

වැලිගම ප්‍රදේශයේදී සිදුවු වෙඩි තැබීමකට අදාළ සැකකරුවන් වශයෙන් ධුරයේ රාජකාරී අත්හිටුවන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ තවත් සැකකරුවන් 06දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙසට මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝගයක් නිකුත් කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දයේ නිහඬ කාලය ගැන දැනුම්දීමක්

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ප්‍රචාරණ කටයුතු ලබන 03 වන සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා. මැතිවරණ කොමිසම...

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය යථා තත්ත්වයට

මුහුදුබඩ මාර්ගයේ පැවති දුම්රිය ප්‍රමාදය මේ වනවිට යථාතත්වයට පත්ව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ඉඳුරුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ පාලමක ඇතිවූ ගැටලුවක් හේතුවෙන් අද (29)...

30ක් රෝහලට යැවු බස් අනතුරක්

බෙලිඅත්ත, පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව අසන්නයේදී පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා...

POPULAR ARTICLES