28 C
Colombo
Thursday, January 16, 2025

ඩයනාගේ නඩුවට ලැබුණු නියෝගය

- Advertisement -

කූට ලේඛන ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන චෝදනා පත්‍රය අද (09) කොළඹ මහාධිකරණය හමුවේ කියවනු ලැබුවා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම චෝදනා කියවාදීම සිදු කෙරුණා.

ඉන් අනතුරුව එම චෝදනාවලට තමන් නිවැරදිකාරිය බව විත්තිකාර ඩයනාගමගේ සඳහන් කර තිබෙනවා.

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මූලික විරෝධතා මතුකරමින් මෙම නඩුවට පාදක වන ලියවිල්ල සකස් කොට ඇත්තේ 2003 වසරේ බව සඳහන් කළා.

නමුත් ඊට අදාලව නඩු පවරනු ලැබුවේ 2024 වසරේ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඒ අනුව වසර 20කට වැඩි කාලයක් ගතවී ඇති හෙයින් අදාල ලියවිල්ල සම්බන්ධයෙන් නඩු පැවරීමට නීතිමය හැකියාවක් නොමැති බවට තර්ක කර තිබෙනවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ මෙම කරුණ නඩු විභාගයේදී සලකා බලන බවයි.

ඒ අනුව නඩුව මාර්තු මස 05 වන දා විභාගයට ගැනීමටද විනිසුරුවරයා නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

කළුබෝවිලත් වෙඩි තැබීමක්

0
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. කොහුවල පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා. ඊශ්‍රායල...