27.2 C
Colombo
Saturday, June 21, 2025

පොලිසියේ උසස් වීම් සම්බන්ධයෙන් නියෝගයක්

- Advertisement -

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (29) නියෝග කළා.

පෙරදාතමින් යුතුව තම උසස් වීම් ක්‍රියාත්මක කිරීමට නියම කරන්නැයි ඉල්ලා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස නියෝග කළේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මුර්දු ප්‍රනාන්දු සහ දිලීප් නවාස් යන මහත්ම මහත්මීන්ගේ සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම විභාගයට ගැනුණා.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පතිවරයා, නීතිපතිවරයා සහ ජාතික පොලිස් කොමිසම ඇතුළු 30 දෙනෙකු නම් කර තිබෙනවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගේ එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු දිලිප් නවාස් මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද අතර පෙත්සම්කරුවෝ 1990 සහ 1992 කාලයේදී පොලිස් සේවයට එක් වූ නිලධාරීන් බවත් ඔවුන් සිය සේවා කාලය තුලදී ම ලබාගෙන ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ පොලිස් පරීක්ෂක තනතුරු සඳහා උසස්වීම් පමණක් බවත් එහිදී සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES