30 C
Colombo
Tuesday, April 29, 2025

අර්ජුන් ඇලෝසියස්ට එරෙහි පැමිණිල්ලක් යළි කැඳවීමට නියෝගයක්

- Advertisement -

රුපියල් මිලියන 12ක මුද්‍රණ කඩදාසි මිලදී ගැනීමක් සම්බන්ධව සාපරාදී විශ්වාසය කඩකළේ යැයි කියන සිද්ධියකට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල අප්‍රේල් මස 30වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කළා.

නෙප්චූන් පේපර්ස් පුද්ගලික සමාගම විසින් ගොනුකර තිබූ මෙම පැමිණිල්ල, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉදිරියේ කැදවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දුන්නා.

එම අවස්ථාවේදී අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් තම සේවාදායකයාට මේ දක්වා චෝදනා පත්‍ර භාරදී නොමැති බවයි.

ඒ අනුව පැමිණිල්ල නැවත අප්‍රේල් මස 30වනදා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා, එදින සැකකරුට චෝදනා පත්‍ර භාරදෙන ලෙසත් නියම කළා.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දයේ නිහඬ කාලය ගැන දැනුම්දීමක්

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ප්‍රචාරණ කටයුතු ලබන 03 වන සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා. මැතිවරණ කොමිසම...

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය යථා තත්ත්වයට

මුහුදුබඩ මාර්ගයේ පැවති දුම්රිය ප්‍රමාදය මේ වනවිට යථාතත්වයට පත්ව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ඉඳුරුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ පාලමක ඇතිවූ ගැටලුවක් හේතුවෙන් අද (29)...

30ක් රෝහලට යැවු බස් අනතුරක්

බෙලිඅත්ත, පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව අසන්නයේදී පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා...

POPULAR ARTICLES