24 C
Colombo
Sunday, February 16, 2025

අර්චුනා අත්අඩංගුවට ගන්න නියෝග

- Advertisement -

පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

එමෙන්ම විමර්ශන සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ලබන මස 03 වැනිදා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිපත් කිරීමටද නියෝග කර තිබෙනවා.

අනුරාධපුර – ගල්වල හන්දිය ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා ඊයේ (20) පස්වරුවේ රථවාහන රාජකාරී යෙදී සිටි රථවාහන නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් රථ වාහන නිතීයට අනුකූල නොවී ක්‍රියා කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මන්ත්‍රීවරයා විසින් එම අවස්ථාවේ සිදු කරන ප්‍රකාශ මඟින් ජාතීන් අතර අසමගියක් ඇති වී තිබේද යන්න සම්බන්ධයෙන්ද පොලිසිය මෙලෙස විමර්ශන ආරම්භ කර තිබුණා.

පොලිසිය සඳහන් කළේ, මෝටර් වාහන පනත සහ දණ්ඩ නීතී සංග්‍රහයේ 183 සහ 347 යන වගන්ති ප්‍රකාරව අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිසිය කටයුතු කරන බවයි.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES