කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාසල් වසා දැමීමට නියෝග

පළාත් සභාව මගින් පාලනය වන කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සියලුම පාසල් එළඹෙන 30 වනදා දක්වා වසා දැමීමට ආණ්ඩුකාරවරයා නියෝග කර තිබෙනවා. සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පැතිර යන කොවිඩ් අවදානම සලකා එම තීරණය ගත් බවයි.