24 C
Colombo
Thursday, February 13, 2025

නාමල් කුමාර මුදා හැරීමට නියෝග

- Advertisement -

ජාතින් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයේ සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු පළ කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නාමල් කුමාර මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (27) නියම කළා.

සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අදාළ නඩුකරය පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තියේ නීතිඥවරු ඉකුත්දා කරුණු දක්වා තිබුණා.

ඒ අනුව ඔහු මුදා හරින ලෙසත් එම නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තලුජා ලක්මාලි මහත්මිය අද දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අදාළ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවයි.

ඒ අනුව සැකකරු මුදාහරින ලෙසත් මහෙස්ත්‍රාත්වරිය සිය තීන්දුවෙන් සඳහන් කර සිටියා.

තහනමට ලක් කර තිබෙන කොටි සංවිධානයේ සලකුණු , ධජ හා නිල ඇඳුම් ඇතුළත් තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇතැයි සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නාමල් කුමාර නැමැත්තාට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණා.

ඒ අනුව, අධිකරණය විසින් නිකුත් කළ නොතීසියකට අනුව බන්ධනාගාර ගතව සිටි නාමල් කුමාර නැමැත්තා පසුගියදා අධිකරණයට ඉදිරිපත් කළ අතර පසුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

ජනපතිගෙන් ලෝක නායකයින්ට ආරාධනයක්

දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින් පවසා සිටියා...

ජනපති දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

දිවයින පුරා පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක්...

POPULAR ARTICLES