26 C
Colombo
Wednesday, February 19, 2025

දයාසිරිගේ පැමිණිලි දෙකක් කැඳවීමට නියෝග

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එම පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකළ පැමිණිලි දෙකක් ලබන 23 වනදා කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ තමන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ගනු ලැබූ තීන්දුවට එරෙහිව ඔහු එම පැමිණිලි ගොනුකර තිබුණා.

මෙම පැමිණිලිවලට අදාළ අතුරු ඉල්ලීම් පිළිබඳ නියෝගය අද (16) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

එහෙත් විනිසුරුවරයා දැනුම් දුන්නේ, වගඋත්තරකාර පාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද ලේඛන නඩු ගොනුවට ඇතුළත් වී නොමැති බවයි.

ඒ අනුව, අදාළ ලේඛන ගොනු කිරීමට පාර්ශ්වකරුවන්ට අවසර දුන් අධිකරණය නඩුව නැවත ලබන 23 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

මාලදිවයින් විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත...

POPULAR ARTICLES