Breaking: සාමාන්‍ය ජනතාව ජනාධිපතිවරයාගේ නිවස වටලයි (වීඩියෝ)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරෝධය පා 2000 කට අධික ජනතාවක් නුගේගොඩ – ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක නිරත වනවා. ජනාධිපතිවරයාට සිය තනතුරෙන් වහාම ඉල්ලා අස්වෙන ලෙසට අදාළ පිරිස බලකරමින් සිටිනවා. Go Home Gota ලෙස සදහන් කරමින් මෙම පිරිස විරෝධතාවයේ නිරතවන අයුරු දක්නට ලැබෙනවා. මීට විශාල රථවාහන ප්‍රමාණයක්ද සහභාගීවී තිබෙනවා.