23 C
Colombo
Monday, February 10, 2025

කාබනික වගාව රිවර්ස් ; රසායන ආනයනය ගජමිතුරෙකුට? – මනූෂ (VIDEO)

- Advertisement -

ජාතික ආරක්ෂාව පෙන්වා බලයට පැමිණි වත්මන් රජය නිසා ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව අහිමි වෙමින් ඇති බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසනවා.

ඒ, ඊයේ (25) දින මාධ්‍ය අමතමින්.

පොහොර සහ කෘෂි රසායන තහනම නිසා මෙරටට වසරකට ඩොලර් බිලියන2.5ක පමණ ආදායමක් අහිමි කර ගැනිමට හේතුව වශයෙන් රජය දැක්වූයේ රසායන ද්‍රව්‍ය වල විෂ අඩංගු වීම වූවද එසේ පොහොර ගෙන්වීම නතර කොට මෙරට කෘෂිකර්මය අඩාල කොට මේ වන විට පාකිස්ථානයෙන් හාල් ගෙන්වීම අරඹා ඇති බව ඔහු පෙන්වා දෙනවා.

කෙසේවෙතත්, නැවතත් මෙරටට කෘෂි රසායන නොගෙන්වන බවට ජනපතිවරයා සහ ඇමතිවරුන් පුනපුනා කී නමුත් කෘෂි රසායන වර්ග 35ක් ගෙන්වීම සඳහා මේ වන විට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වි ඇති බව ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම, රුපියල් බිලියන 12ක වාර්ෂික වටිනාකමකින් යුතු මෙම රසායන අතුරින් බිලියන 10ක්ම ආනයනය කිරීමටලබා දෙන්නේ එක් සමාගමකට බවත් සමාගම් 29ක් තිබියදී එක් සමාගමකට මෙසේ ලබා දෙන්නේ මින් පෙර අවස්ථාවන් වලදී මෙන් ගජමිතුරෙකුට කොරෝනාව ගරානාවක් කරගැනීමටදැයි විමසිය යුතු බවත් ඔහු පවසනවා.

ඒ අනුව, ලෝකයේ පළමු කාබනික රට ශ්‍රී ලංකාව වන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය රිවර්ස් වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

RECENT ARTICLES - SINHALA

විදුලි බිඳවැටීම ගැන පැහැදිලි කිරීමක්

සමස්ථ විදුලිබල පද්ධතිය බිඳවැටීම සඳහා බලපාන මූලිකම හේතුව ලෙස දැනට හඳුනාගෙන ඇත්තේ, ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම හා සමස්ත විදුලි ජනනයෙන්...

“ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රිය ගමන්වාරයක්

දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉල්ලීම මත “ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රි ගමන්වාරයක් නානුඔය හා බදුල්ල දුම්රිය ස්ථානය අතර හෙට (10) සිට ක්‍රියාත්මක වනවා. පවතින අධික...

රට විරුවන්ගෙන් වාර්තාගත ඩොලර් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට

2025 ජනවාරි මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 573ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මෙය 2024...

POPULAR ARTICLES