මහ කන්නය සදහා අවශ්‍ය ‘පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර’ මෙ.ටොන් 30000ක් අද(13)කොළඹ වරායෙන් ගොඩබෑ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
ඒ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින්.
ලිතුවේනියාවේ සිට වෙගෝරස් නෞකාවෙන් ගෙන්වන ලද මෙම පොහොර තොගය අද(13) රාත්‍රියේම අම්පාර මඩකලපුව අනුරාධපුර පොළොන්නරුව කුරුණෑගල පුත්තලම ත්‍රිකුණාමලය හම්බන්තොට යන වී වගාව බහුලව කෙරෙන දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත යැවිමට කටයුතු සූදානම් කර ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.