28 C
Colombo
Sunday, October 1, 2023

ඔස්කාර් දිනූ විශිෂ්ටයෝ

- Advertisement -

Everything Everywhere All at Once  ඔස්කාර් සම්මාන උළෙලේ ආධිපත්‍ය හිමි කර ගනිද්දි  හොඳම නිළිය ලෙස සම්මාන ලැබූ පළමු ආසියානු කාන්තාව බවට Michelle Yeoh පත්වුණා.

මෙම චිත්‍රපටය හොඳම චිත්‍රපටය, අධ්‍යක්ෂණය සහ මුල් තිර රචනය ඇතුළු සම්මාන හතක් දිනා ගත්තා.

Yeoh ගේ සම නළුවන් වන Ke Huy Quan සහ Jamie Lee Curtis සහය නළුවා සහ නිළිය කාණ්ඩ ජයග්‍රහණය කළා.

ඔස්කාර් ඉතිහාසයේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය සහ රංගනය සඳහා සම්මාන ත්‍රිත්වයක් වෙනත් කිසිම චිත්‍රපටයක් දිනාගෙන නැහැ.

මෙවර ඔස්කාර් හි තවත් විශේෂත්වයක් වූයේ වසර ගණනාවක්  හොලිවුඩයේ අවධානයෙන් ඈත්ව සිටි බ්‍රෙන්ඩන් ෆ්‍රේසර් ඔහුගේ අසාමාන්‍ය නැවත පැමිණීම, The Whale චිත්‍රපටයේ ඔහුගේ රංගනය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය ලබා ගත්තා.

ජෝර්ජ් ඔෆ් ද ජංගල් සහ ද මමී වැනි චිත්‍රපටවල රඟපෑ ෆ්‍රේසර් සහස්‍රයේ ආරම්භයේදී දැවැන්ත සිනමා තරුවක් වුණා.

චිත්‍රපටය සඳහා ෆ්‍රේසර් පෙනුම වෙනස්  කළ අතර එය හොඳම වේශ නිරූපණය සහ කොණ්ඩා මෝස්තරය  සඳහා වන ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබුවා.

මේ අතර ඔස්කාර් සම්මානයක් දිනු ප්‍රථම ඉන්දීය ගීතයක් ලෙස මෙවර හොඳම ගීතය ලෙසින් සම්මානිත වූයේ නාටු නාටු ගීතයයි.

RECENT ARTICLES - SINHALA

සුදු ඉර මතදී හෙදියට වූ හදිය

පදික මාරුවෙන් ගමන් කරමින් සිටි ගැබිනියකගේ අධික වේගයෙන් පැමිණි ත්‍රීරෝද රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් බරපතළ තුවාල ලැබු ගැබිනිය මේ වනවිට කොළඹ ජාතික රෝහලට...

කාර්මික දෝෂ නිසා අදත් ගුවන් ගමන් දෙකක් අවලංගුයි

අද (01) පෙරවරු 8.20ට පමණ නේපාලයේ - කත්මන්ඩු නුවර දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබු ගුවන් ගමනක් අවලංගු කර තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන්...

සීතා ඇතින්නියගේ පපුවේ උණ්ඩ 7ක්

මහියංගනයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ මහරගම සීතා ඇතින්නගේ හෘදය වස්තුව ආසන්නයේ සිරුර තුළට උණ්ඩ  හතක්  වැදී ඇති බව ඇතාට වෛද්‍ය ප්‍රතිකාර කරන පේරාදෙණිය විශ්ව...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...