30.6 C
Colombo
Sunday, July 13, 2025

ඉතාලියටත් ළඟදීම වලංගුවෙන අපේ රියදුරු බලපත

- Advertisement -

ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රය ඉතාලිය තුළ පිළිගැනීමේ ගිවිසුමට ඉක්මණින් එළැඹීමට අවශ්‍ය සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා ප්‍රකාශ කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා.

දැනට ප්‍රමාද වී ඇති එම ගිවිසුම ඉතාලි ප්‍රවාහන අමාත්‍යාංශය විසින් සළකා බලමින් සිටින බවත් එය නුදුරේදීම අවසන් කිරීමට හැකි සෑම සහායක්ම ලබා දෙන බවත් තානාපතිවරයා එහිදී පවසා තිබුණා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී විදේශ කටයුතු අමාත්‍යවරයා කළ ඉල්ලීමකට පිළිතුරු දෙමින් ඉතාලි තානාපතිවරයා මෙම අදහස් පළකර තිබෙනවා.

ශ්‍රී ලාංකිකයන්ට රැකියා වීසා ලබා දීම නැවත ඉක්මනින් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස එම සාකච්ඡාවේදී විජිත හේරත් මහතා කළ ඉල්ලීම ඉතාලි රජයට දැනුම්දීමට කටයුතු කරන බවද තානාපතිවරයා පවසා තිබෙන බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

පියුමිගෙ පුතාට ඇප දීලා

අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා. ඒ අද (13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.  රාජගිරිය...

ලංකාව සහ චීනය සහයෝගීතාව තර කරගැනීමට එකඟතා

මැලේසියාවේ පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර...

අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන – හරිනි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

POPULAR ARTICLES