32 C
Colombo
Friday, March 31, 2023

රනිල්ව ජනාධිපති කළාට අපේ නායකයා මහින්ද රාජපක්ෂ..! – SB

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා රනිල් වික්‍රමසිංහ නොව මහින්ද රාජපක්ෂ බව ර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක පවසනවා.

ඒ, ඊයේ (09) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමරිකා එක්සත් ජනපදයට පක්ෂග්‍රාහී බවත් ඇමරිකාව අප සමග මිත්‍රශීලී නොමැති නමුත් රනිල් වික්‍රමසිංහ සමග ඉතාමත් මිත්‍රශීලී බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

එබැවින් එම වාසිය භාවිතා කරන බවත් රනිල් වික්‍රමසිංහව ජනාධිපති ධුරයට පත් කළේ එම වාසිය අත්පත් කරගැනීම සඳහා බවත් එස්.බී.දිසානායක පවසනවා.

” රනිල් වික්‍රමසිංහට මේ වැඩේ අපිට වඩා හොඳින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක වැඩ කරන්න පුලුවන් නිසා අපි බොහොම කැපවීමෙන් පරිත්‍යාගශීලීව ඔහු ගැන විශ්වාසය තියලා අපි ඔහුට බලය දුන්නා.”


RECENT ARTICLES - SINHALA

අධිවේගී බස් ගාස්තු පහළට

ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව අධිවේගී බස් ගාස්තු ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, අදාළ ගාස්තු අද (මාර්තු 31)...

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...