32 C
Colombo
Friday, January 17, 2025

පාලමේ යකඩ පිට පාරින් එළියට; දෙදෙනෙක් මාට්ටු

- Advertisement -

රාජ්‍ය නිර්මාණ සංවර්ධන නීතිගත සංස්ථාවට අයත් ට්‍රක් රථයක සේවකයින් දෙදෙනෙකු පානදුර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ් එම සංස්ථාවට අයත් යකඩ තොගයක් නීති විරෝධී ලෙස අලෙවිකිරීමේ චෝදනාව මතයි.

වැලිපැන්න ප්‍රදේශයේ පාලමක් ඉදිකිරීමට රැගෙනවිත් තිබූ රාජ්‍ය නිර්මාණ සංවර්ධන නීතිගත සංස්ථාවට අයත් යකඩ තොගයක් එම පාලමෙහි ඉදිකිරීම් අතරමග නවතා දැමීම හේතුවෙන් යළි කොළඹ මූලස්ථානයට රැගෙන එන අතරතුර එහි සේවකයින් දෙදෙනෙකු එම යකඩ නීති විරෝධි ලෙස අලෙවිකර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පානදුර උතුර පොලීසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබුණා.

එහිදී යකඩ අලෙවිකරමින් සිටි රාජ්‍ය නිර්මාණ සංවර්ධන නීතිගත සංස්ථාවට අයත් ට්‍රක් රථයේ රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.

ගොරකපොළ ප්‍රදේශයේ පැරණි යකඩ මිලදී ගන්නා මධ්‍යස්ථානයකට එම යකඩ අලෙවිකර තිබූ අතර එහිදී යකඩ කිලෝ 1,083ක් සමඟ සේවකයින් දෙදෙනා සහ යකඩ මිලට ගත් පුද්ගලයාද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

මාධ්‍යවේදී එක්නැලිගොඩගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය කල්තැබේ

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් පිරිසකට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි...

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

සක්‍රීය ඊසාන දිග මෝසම් තත්ත්වය හේතුවෙන් හෙට (18) සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අපේකෂා කරන බව කාලගුණවිද්‍යා...

රත්මලානෙන් නාඳුනන කාන්තා මළ සිරුරුක් හමුවෙයි

රත්මලාන, ලුනාව ඇල ව්‍යාපෘතියට අයත් බෝධිරුක්කාරාම විහාරස්ථානය අසල කලස ඇල මාර්ගයේ තිබී නාදුනන කාන්තා මළසිරුරක් අද (17) වන දින උදෑසන හමුවී ඇතැයි ගල්කිස්ස පොලිසිය...

POPULAR ARTICLES