32 C
Colombo
Friday, April 19, 2024

විශිෂ්ඨතම පුරාවිද්‍යාඥයෙකුවන ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වෙයි

- Advertisement -

මෙරටින් බිහි වූ විශිෂ්ඨතම පුරාවිද්‍යාඥයෙක් ලෙස සැලකෙන ආචාර්ය සිරාන් දැරණියගල මහතා අද (05) අභාවප්‍රාප්ත වුණා.

මෙරට ප්‍රාග් මානව ඉතිහාසය පිළිබඳ පර්යේෂණ කළ මහා ප්‍රාඥයා ලෙස ආචාර්ය සිරාන් දැරණියගල මහතා සැලකෙනවා.

1942 වසරේ රත්නපුරදී උපත ලැබූ සිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලැබුවා.

කේම්බ්‍රිජ් ට්‍රින්ටි විද්‍යාලයෙන් පුරාවිද්‍යාව හා සංස්කෘත භාෂා මූලික හා ශාස්ත්‍රපති උපාධි ලැබූ ඔහු 1968 වසරේදී ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සම්බන්ධ වනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික උරුමය ගවේෂණය හා සංරක්ෂණය වෙනුවෙන් දැරණියගල මහතා සිදු කළ සේවය අති මහත්.

අවුරුදු 130,000කට පෙර මෙරට වාසය කළ ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ කරුණු හෙළි කරගත් බූන්දල පතිරාජවෙල ආශ්‍රිත පුරාවිද්‍යාත්මක පර්යේෂණය සිරාන් දැරණියගල මහතාගේ වෘත්තිය ජිවිතයේ විශිෂ්ඨතම පර්යේෂණය ලෙස සැලකෙනවා.

එම පර්යේෂණය වෙනුවෙන් සිරාන් දැරණියගල මහතා හාවඩ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත්තා.

අදාළ පර්යේෂණ පදනම් කරගනිමින් එතුමා විසින් රචිත වෙළුම් තුනකින් යුත් The Pre – History of Sri Lanka කෘතිය මෙරට පුරාවිද්‍යාඥයන් වර්තමානයේ සිය අත්පොත ලෙස ද භාවිත කරනවා.

කුරුවිට බටදොඹලෙන, කිතුල්ගල බෙලිලෙන, පාහියන්ගල වැනි ස්ථානවල කළ කැණීම් මගින් දකුණු ආසියාවේ පැරණිතම නූතන මානව සාධක ශ්‍රී ලංකාව සතු බව ලෝකයට රැගෙන යෑමේ පුරෝගාමී මෙහෙවරක් සිදුකළා.

අනුරාධපුර ඇතුලු නුවර කැණීම් මගින් ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා පූර්ව ඓතිහාසික යුගය පසුකරමින් ඓතිහාසික යුගය දක්වා පැමිණෙන බවට සාධක ඉදිරිපත් කළේද සිරාන් දැරණියගල මහතායි.

1992 වසරේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් වූ ඒ මහතා 2001 වසර දක්වා එම ධුරයේ කටයුතු කළා.

RECENT ARTICLES - SINHALA

පැය 12 ක ජල කප්පාදුවක්

එළඹෙන අප්‍රේල් 24 වන දින (බදාදා) ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. එම...

සේවකයන් නඩු දැම්මත් පනත හකුලන්නේ නැහැ – කංචන

විදුලි සේවකයන් 24,000 නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත්, වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන බවත්, විදුලිබල...

ඔටාවා ඝාතකයා ඇප එපා කියලා

කැනඩාවේ ඔටාවා නගරයේදී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයා මේ අවස්ථාවේ ඇප ඉල්ලීමට බලාපොරොත්තු නොවන බව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...