කොවිඩ් 19 වෛරසය වැළදීම හේතුවෙන් පකිස්තානයේ වෛද්‍යවරුන් 202ක් මියගොස් තිබේ.
එරට වෛද්‍ය සම්මේලනය සදහන් කළේ වැඩිම වෛද්‍යවරුන් පිරිසක් මියගොස් ඇත්තේ,පන්ජාබ් ප්‍රාන්තයේ බවයි.
එම සංඛ්‍යාව 74 ක්ව න අතර සින්ද් ප්‍රාන්තයේද වෛද්‍යවරුන් 64 දෙනෙකු කොරෝනා වැළදී මියගොස් තිබේ.
කොරෝනා වැළදීම හේතුවෙන් එරට තුළ මියගොස් ඇති වෛද්‍ය සහායකයන් සංඛ්‍යාව 30කි.
මේ අතර එරට තුළ ඇති දැවැන්ත හෙද හිගය කොරෝනා මර්දනය සදහා වන බරපතල බාධාවක් වී ඇතැයිද වාර්තා වේ.
පකිස්තානයේ හෙද හිගය මිලියන 1.3 ක් තරම් ඉහළ අගයක් ගන්නා බව සදහන් වේ.