චීනය විසින් ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ උයිගුර් ප්‍රජාව ඇතුලු සුලුතර කණ්ඩායම්වල මානව හිමිකම් උල්ලංඝනය කරන බවට රටවල් 43 ක් විසින් චෝදනා නගා තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 43ක් විසින් ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ අධ්‍යාපන කදවුරු ලෙස පවත්වාගෙන යන රැදවුම් කදවුරු සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවක් මගින් මේ චෝදනාව නගා ඇත.
මේ පසුබිම තුළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් කාර්යාලයට ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ මානව හිමිකම් තත්වය පිළිබද ස්වාධීනව පරීක්ෂණයක් පැවැත්වීමට ඉඩ ලබාදිය යුතු බවට අදාළ රටවල් 43 නියෝජිතයෝ අවධාරණය කරති.
චීනය ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ උයිගුර් සහ සෙසු මුස්ලිම් සම්භවයක් සහිත ජනතාව දැඩි මර්දනකාරී යාන්ත්‍රණයකට යටත් කර ඇති බවට දිගුකලක පටන් චෝදනා එල්ල වෙමින් තිබේ.