30.4 C
Colombo
Wednesday, April 24, 2024

කොවිඩ් රෝගීන් සඳහා ඔක්සිජන් අවශ්‍යතාවයේ ඉහළයාමක්

- Advertisement -

කොවිඩ් රෝගීන් සඳහා ඔක්සිජන් අවශ්‍යතාව සුළු වශයෙන් ඉහළයාමක් දක්නට ලැබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

එම තත්ත්වය සෞඛ්‍ය පද්ධතියට දැඩි බලපෑමක් නොවූව ද එය තවදුරටත් වර්ධනය වීම වළක්වා ගැනීම සඳහා පියවර ගත යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

“මේ මොහොත වෙනවිට වාර්තා වෙලා තියෙනවා ඔක්සිජන් සැපයීමේ වැඩිවීමක් කියලා. මේකත් පත්තරවල වාර්තාවෙලා තියෙන්නේ, සියයට 5ක කියලා. මේ පිළිබඳ යාවත්කාලීන තොරතුරු ඉදිරියේ දී ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වෙනවා. නමුත් මේ සියයට 5ක වැඩිවීම කියන එක සුළුවෙන් තකන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇත්ත වශයෙන් ම සෞඛ්‍ය අමාත්‍යාංශයට මේක අර්බුදකාරී තත්ත්වයකට යන්න තරම් වැඩිවීමක් නෙමෙයි. නමුත් සුළුවෙන් හෝ වැඩිවීම අපි හැමවෙලේම ඉතාමත් බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතුයි. මොකද ඔක්සිජන් හිඟයක් මතුවීම නෙමෙයි සිද්ධවෙන්නේ. මේ වැඩිවීමෙන් පිළිහිඹුවන්නේ මේ රටේ තව ඉදිරියේ දී වේගයෙන් වැඩිවීමක් වෙන්න ද කියන එක අපි දන්නේ නෑ.”

මේ අතර දීර්ඝ සති අන්තයේ විවිධ සංචාරවල හා පුද්ගලයින් වැඩි වශයෙන් එක් රැස්වන ස්ථානවල රැඳී සිටි පුද්ගලයින්ට උණ හෝ ශ්වසන රෝගී තත්ත්වයන් නිරීක්ෂණය වන්නේ, නම් කඩිනමින් පරීක්ෂණ සඳහා යොමුවීම වැදගත් බව ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරනවා.

“විශාල පිරිසක් සතිඅන්තයේ සංචරණ කටයුතුවල යෙදිලා තියෙනවා. ජනතාව එක්රැස්වෙන ස්ථානවලට එක්රැස් වෙලා තියෙනවා. මේකෙන් පස්සේ අපි කැමති වුණත් අකමැති වුණත් අපිට බලාපොරොත්තු වෙන්න සිද්ධවෙන රෝගීන්ගේ වැඩිවීමක් ගැන අපි නිතර කතා කරනවා. මේක පාලනය කරගැනීම සඳහා එතැනින් තවදුරටත් වර්ධනය වීම අඩුකර ගැනීම සඳහා මේ නිවාඩුවෙන් පසුව ඉදිරි දින කිහිපය තුළ පවුලේ අයට සංචාරයේ යෙදෙන අයට හෝ සංචාරයේ නොයෙදුනත් පවුලේ ගෙවල්වල ඉන්න අය අතරේ, යම් යම් ආකාරයක ශ්වසන රෝග තත්ත්වයක් ඇති වුවහොත් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගෙන කොවිඩ් රෝගයෙක් ද නැද්ද කියලා හඳුනාගැනීමට කටයුතු කිරීම වැදගත් වෙනවා. සුළුවෙන් හෝ උණ දීර්ඝ කාලයක් පවතී නම් කොවිඩ් නෙමෙයි දැන් ඩෙංගු රෝගයත් තියෙනවා එවැනි රෝගී තත්ත්වයන්ගෙන් වැළකීමට කටයුතු කිරීම ඉතා වැදගත්.”

RECENT ARTICLES - SINHALA

සිරිසේනට ස්ථිර අතුරු තහනම් නියෝගයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නිදහස් පක්ෂ සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (24) තවත් වාරණ නියෝගයක් නිකුත් කළා. ඒ එම පක්ෂයේ හිටපු...

දුමින්ද, ලසන්ත සහ මහින්ද ඉවත් කිරීමට එරෙහි වාරණය යළි දීර්ඝ කෙරේ 

අමාත්‍ය මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වීම...

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය ගැන පොලිසියට සැකයක්

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරාධපු පොලිසියේ උප පොලිස් පරීක්ෂක එස්. නන්දසේන...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...