30.9 C
Colombo
Thursday, April 25, 2024

පහන්තුඩාව අසභ්‍ය විඩියෝවේ යුවලට අත්හිටවූ සිරදඬුවම්

- Advertisement -

පහන්තුඩාව දියඇල්ල අසළ අසභ්‍ය වීඩියෝ දර්ශනයේ සිටින යුවල පසුගිය මස දෙවනදා පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ ජාලා විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, අසභ්‍ය වීඩියෝපට නිෂ්පාදනය කිරීමේ චෝදනාව මතයි.

එමෙන්ම, අදාල වීඩියෝ පටය ළඟ තබා ගැනීම හා පුද්ගලයින් අතර බෙදා හැරීම තහනම් බවත් එය ශ්‍රී ලංකාවේ නීතිය යටතේ දඩුවම් ලැබිය හැකි අපරාධමය වරදක් බවත් ශ්‍රී ලංකා පොලිසිය දැනුම් දෙනු ලැබුවා.

කෙසේ වෙතත් පසුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයා කොවිඩ් ආසාදිත පුද්ගලයෙක් බවට හඳුනාගත් අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකර පොලිස් ඇප මත මුදා හරිනු ලැබුවා.

ඉන් පසුව නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමේදී පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කර සමාජ ගත කළ බවට වරද පිළිගත් එම යුවලට රුපියල් 10,800ක දඩයක් සහ මාස තුනක සිරදඩුවමක් නියම කළ බලංගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා එම සිර දඬුවම, වසර හතකට අත්හිටවනු ලැබුවා.

මෙම වීඩියෝ පටය සහ ඊට අදාල දර්ශන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ දිනවල සංසරණය වූ බවත් දරුවන් ඔන්ලයින් අධ්‍යාපනයට යොමුව ඇති වකවානුවක මෙම දර්ශන නැරඹීමට යොමුවුවහොත් එය ඛේදජනක බවත් ශ්‍රී ජයවර්ධනපුර ජයසේකරාරාමයේ දම්සක් පදනම නම් සංවිධානයක සභාපති පස්සරමුල්ලේ දයාවංශ හිමියන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මින්පෙර යොමුකළ ලිපියක දැක්වුණා.

ඉන් අනතුරුව ක්‍රියාතක වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම මහරගම පමුණුවේ පදිංචි 34 හැවිරිදි ඡායාරූප ශිල්පියා සහ ඇල්පිටිය ප්‍රදේශයේ 25 හැවිරිදි රූපලාවන්‍ය ශිල්පිනිය අත්අඩංගුවට ගෙන ඔවුන් 1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන පනත සහ ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 285, 286 වගන්ති ප්‍රකාරව අසභ්‍ය දර්ශන නිෂ්පාදනය, සන්තකයේ තබා ගැනීම, බෙදාහැරීම සිදුකරමින් වරදක් සිදුකර ඇතැයි අධිකරණයට කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.


RECENT ARTICLES - SINHALA

සාමාන්‍ය පෙළ උපකාරක පන්ති හා සම්මන්ත්‍රණ ගැන දැනුම්දීමක්

අධ්‍යායන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම...

Breaking: සන්නස්ගල අත්අඩංගුවට

හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහතාව කඳාන පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා....

පාසල් දරුවෙකුට පහර දුන් SI ගැන විමර්ශන

පාපැදියකින් ගමන් ගත් 13 හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණිල්ලක් කර...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...