28.4 C
Colombo
Friday, April 26, 2024

පහන්තුඩාව වීඩියෝවේ තරුණයාට කොරෝනා – යුවලට පොලිස් ඇප

- Advertisement -

බෙලිහුල්ඔය පහන්තුඩාව දිය ඇල්ල අසල අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් යුවළ පොලිස් ඇප මත මුදා හැර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවසුවේ 16 දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි ලබා දීමෙන් පසුව එම තරුණිය සහ තරුණයා පොලිස් ඇප මත මුදා හැර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයා කොවිඩ් ආසාදිත පුද්ගලයෙක් බවට හඳුනාගෙන ඇති අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකර පොලිස් ඇප මත මුදා හැරි බව නිලධාරියා පවසනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙලෙස පොලිස් ඇප මත මුදා හැරිණේ මහරගම පමුණුවේ පදිංචි 34 හැවිරිදි ඡායාරූප ශිල්පියෙකු සහ ඇල්පිටිය ප්‍රදේශයේ 25 හැවිරිදි රූපලාවන්‍ය ශිල්පිනියක්.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...