පකිස්තානයෙන් යළිත් පෝලියෝ රෝගීව වාර්තා වන්නට පටන් ගෙන ඇතැයි වාර්තා වේ.
උතුරු වසිරිස්තානයේ දෙහැවිරිදි දැරියක් පෝලියෝ වෛරසයට ගොදුරු වී ඇති අතර එය මෑතක දී පාකිස්තානයේ දෙවන පෝලියෝ සිදුවීම බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මීට පෙර උතුරු වසිරිස්තානයේ වයඹ දිග දිස්ත්‍රික්කයේ මාස 15 ක පිරිමි ළමයෙකු ද වෛරසයෙන් අංශභාග වී ඇති බව වාර්තා විය.
මේ අතර රට තුළ තවදුරටත් පෝලියෝ වයිරස් රෝගීන් හඳුනා ගැනීම සම්බන්ධයෙන් පකිස්තාන සෞඛ්‍ය අමාත්‍යාංශය කනස්සල්ල පළ කර තිබේ.
කෙසේවෙතත්, පකිස්තානයෙන් පෝලියෝ රෝගය තුරන් කිරීම සඳහා හදිසි පදනමක් මත ඵලදායී පියවර ගනිමින් සිටින එරට සෞඛ්‍ය අමාත්‍ය අබ්දුල් කදීර් පටෙල් පවසයි.
එබැවින් ප්‍රතිශක්තිකරණ ව්‍යාපාරය හරහා තම දරුවන්ට පෝලියෝ එන්නත අනිවාර්යයෙන් ලබාදීමට කටයුතු කරන්නැයි හෙතෙම ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ.