32 C
Colombo
Sunday, June 4, 2023

චීනය නිසා අනතුරේ වැ⁣ටුණු පාකිස්තාන ගුවන් ආරක්ෂාව

- Advertisement -

චීනයේ නිෂ්පාදිත ගුවන් ආරක්ෂණ පද්ධතියේ ඇතිව තිබෙන බරපතල දෝෂ හේතුවෙන් පාකිස්තාන නැගෙනහිර දේශසීමාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් අතිශය ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇතැයි එරට හමුදා ප්‍රධානීන් වාර්තා කරනවා.

චීනයේ නිෂ්පාදිත Man-Portable Air Defence Systems (MANPADs / සැහැල්ලු ගුවන් ආරක්ෂක අවි පද්ධති), Artillery Rocket systems (රොකට් ප්‍රහාර පද්ධති), Surface-to-Air systems ( SAM මිසයිල පද්ධති) විශාල ප්‍රමාණයක් ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක් වැයකර පාකිස්ථානය විසින් චීනයෙන් මිලට ගෙන ඇති අතර මේ වනවිට ඒවායේ බරපතල තාක්ෂණික හා මෙහෙයුම් දෝෂ පවතින බව අනාවරණය වී තිබෙනවා.

චීනයේ නිෂ්පාදිත අවි පද්ධති භාවිතයේදී නිරන්තරයෙන් මුහුණ දීමට සිදුවන ගැටලු සම්බන්ධයෙන් පාකිස්තාන හමුදා ප්‍රධානීන් විටින් විට අනතුරු ඇඟවූවද චීනයේ ප්‍රතිචාර දැක්වීම ඉතා මන්දගාමී බවට චෝදනා එල්ලවනවා. තාක්ෂණික දෝෂ හටගත් MANPADs සිය ගණනක් මෙන්ම රොකට් විදින හා මිසයිල පද්ධති අකර්මණ්‍ය වී තිබීමෙන් දේශසීමාවේ ගුවන් ආරක්ෂාව පවතින්නේ දැඩි අනතුරකයි.

2017 -2018 කාලවකවානුව තුල පාකිස්තානය චීනයේ නිෂ්පාදිත FN 16 වර්ගයේ සැහැල්ලු ගුවන් ආරක්ෂක පද්ධති (MANPADs) 295ක් මිලදී ගෙන ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 25.13ක් වැය කරමින්. මෙම පද්ධතිය නිර්මාණය කර ඇත්තේ අඩු උන්නතාංශයක් සහිත ගුවන් ඉලක්කවලට පහර දීම සඳහායි. එනම් ඉතා පහළින් පියාසර කරන සතුරු හෙලිකොප්ටර් යානා හෝ කුඩා ගුවන් යානා මෙන්ම නියමුවන් රහිත ඩ්‍රෝන වැනි යානා ඉලක්ක කළ හැකි මෙම පද්ධතියේ උපරිම දුර පරාසය කිලෝමීටර් 6ක්.

නමුත් පාකිස්තානය විසින් මිලට ගත් මෙම පද්ධති රැසක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන මේ වනවිට භාවිතයෙන් ඉවත් කිරීමට සිදුව ඇත්තේ එම පද්ධතිය හා සම්බන්ධ SAM මිසයිල පද්ධතියේ විවිධ සංඥා දෝෂ ඇතිවීම හේතුවෙන්. SAM මිසයිල පද්ධතිය අක්‍රීය වූ පසු MANPADs පද්ධතිය මුලුමනින්ම බලරහිත එකක් වනවා. ඒ අනුව පාකිස්තාන ආරක්ෂක අංශ විසින් භාවිතයට නොගෙන අත්හැර දමා ඇති සැහැල්ලු ගුවන් ආරක්ෂක පද්ධති ප්‍රමාණය 850කට අධිකයි. Wuhan Infrared Co. Ltd වන මෙහි නිෂ්පාදන සමාගම මෙම පද්ධති කඩිනමින් අලුත්වැඩියා කිරීම හෝ ප්‍රතිස්ථාපනය වෙනුවට සිදු කර ඇත්තේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ සොයා බලා ගැටලු විසඳීම සඳහා Valiant Technologies නම් වෙනත් සමාගමක් පත්කිරීමයි.

එමෙන්ම මේ හා සමාන දෝෂ රැසක් අධික මිල ගණන් යටතේ චීනයෙන් මිලට ගත් QW -18 වර්ගයේ සැහැල්ලු ගුවන් ආරක්ෂක පද්ධති 500 කට අධික සංඛ්‍යාවකද හටගෙන තිබෙනවා. තත්ත්පරයට මීටර් 600ක වේගයක් සහිත මෙම පද්ධති ගුවන් ප්‍රහාර වලක්වා ගැනීම සඳහා යොදා ගන්නා පුමුඛ අවියක්. පාකිස්තානය මෙවැනි පද්ධති 1300ක් තරම් විශාල ප්‍රමාණයක් එකවර මිලදී ගත්තා. මේවා පාකිස්තාන හමුදා මිල⁣ට ගෙන ඇත්තේ 2016 වසරේදී වන අතර ද්වි වාර්ෂිකව සිදුකරන පරික්ෂා කිරීම්වලදී මෙම පද්ධතිවල පවතින දෝෂ ගණනාවක් හඳුනාගෙන තිබෙනවා. 2020 වසරේ පැවති පරීක්ෂණ වෙඩි තැබීමකදී පද්ධති 7ක් මුලුමනින්ම අක්‍රීය බව අනාවරණ කර ගැණුනා. එමෙන්ම තවත් අත්හදා බැලීමේ වෙඩි තැබීමකදී පද්ධති තුනක් ක්‍රියත්මක වී නැහැ. ඒ අනුව පාකිස්තාන ආරක්ෂක අංශ අදාළ චීන සමාගමට දැනුම් දී ඇත්තේ අවම වශයෙන් පද්ධති 47ක්, එහි මූලික පාලන පද්ධතිය සහ පුහුණු සිමියුලේටර්ය ප්‍රතිස්ථාපනය කරන ලෙසයි.

එමෙන්ම චීනයෙන් හිලට ගත් A 100 ⁣රොකට් විදින පද්ධති 100ක පමණ සංඛ්‍යාවක තත්ත්වය ද මීට වෙනස් නැහැ. හාස්‍යයට කරුණ නම් චීන හමුදාව පවා මෙම A 100 රොකට් විදින පද්ධති භාවිතයෙන් ඉවත් කර ඇති පසුබිමක පාකිස්තානය ඒ්වා චීනයෙන්ම මිලදී ගැනීමයි.

එමෙන්ම පාකිස්තානය විසින් මිල⁣ට ගත් LY 80 – SAM මිසයිල පද්ධතිවලද බරපතල දෝෂ රැසක් ඇති බව අනාවරණ වී තිබෙනවා. මෙම SAM මිසයිල පද්ධති 3ක් පාකිස්තානය 2013 -2014 කාලයේදී මිලට ගන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 226ක් වැය කරමින්. 2016 දී තවත් පද්ධති 6 ක් සඳහා පාකිස්තානය වැය කරන මුදල ඩොලර් මිලියන 373ක්. මෙම පද්ධති මගින් මීටර් 15 සිට කිලෝමීටර් 18ක් දක්වා උන්නතාංශයක් සහිතව පියාසර කරන වස්තූන් බිම හෙළිමට හා උපරිම වශයෙන් කිලෝමීටර් 40ක පරාසයක ක්‍රියාත්මක විය හැකිබව පැවසෙනවා.

නමුත් පකිස්තානය විසින් චීනයෙන් මිලට ගනු ලැබූ LY 80 – SAM මිසයිල පද්ධති එම ආකාරයට ක්‍රියා නොකරන බව පාකිස්තාන ආරක්ෂක අංශ හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව චීනයෙන් මිලට ගත් SAM මිසයිල පද්ධති 9 අක්‍රීයව පවතිනවා. මේ වනවිට චීන තාක්ෂණික කණ්ඩායමක් මෙම පද්ධති දෝෂ හඳුනාගනිමින් ඒවාට පිළියම් යෙදීම සඳහා පාකිස්තානයට පැමිණ සිටිනවා.

කෙ⁣සේ වෙතත් ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක් වැය කරමින් ස්ථාපිත කෙරුණු ගුවන් ආරක්ෂණ පද්ධතිය අක්‍රීය වීම හේතුවෙන් පාකිස්තාන හමුදා ප්‍රධානීන් දේශසීමාවේ ගුවන් ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල අර්බුදයක පැටලී සිටිනවා.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...