25 C
Colombo
Wednesday, March 19, 2025

පාකිස්ථානය සහ බංග්ලාදේශය චැම්පියන්ස් කුසලානයෙන් ඉවතට

- Advertisement -

චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම සත්කාරක පාකිස්තාන කණ්ඩායමට සහ බංග්ලාදේශ කණ්ඩාමට ඉවත්වීමට සිදුවුණා.

ඒ, ඊයේ බංග්ලාදේශය සමග පැවති තරගයේ කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්ව සමගයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 236ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 46යි එක් පන්දුවක් තුළ කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළා.

නවසීලන්ත ඉනිම වෙනුවෙන් රචින් රවීන්ද්‍රා ලකුණු 112ක් ලබා ගැනීමට සමත් වුණා.

මේ සමග පාකිස්තාන කණ්ඩායමට සහ බංග්ලාදේශ කණ්ඩායමට තවත් එක් තරගයක් ඉතිරිව තිබීයදීත් චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත්වීමට සිදුවුණා.

මේ වනවිට ඒ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්ව ඇති අතර, ඒ කාණ්ඩයේ දෙවන ස්ථානයේ ඉන්දීය කණ්ඩායම රැඳී සිටිනවා.

RECENT ARTICLES - SINHALA

රුපියල් මිලියන 3.8කට වැඩි කීරි සම්බා තොගයක් රාජසන්තක කෙරේ

පිටකොටුවේ වෙළෙඳසැලක තිබූ රුපියල් මිලියන 3.8 කට අධික වටිනාකමින් යුත් සහල් තොගයක් රාජසන්තක කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ, වෙළෙදසැලේ සඟවා තබාගෙන සිටි...

දේශබන්දුගෙ බිරිඳගෙන් පැමිණිල්ලක්

සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ (18)...

ශිෂ්‍යත්වේ සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බැවින් එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා මේ වන විට අවස්ථාව ලබා...

POPULAR ARTICLES