පකිස්තානයේ බලොචිස්තාන පළාතේ භූ කම්පනයක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එහි ප්‍රබලත්වය සටහන්ව ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 5.7ක් ලෙසයි.
විදෙස් වාර්තාවල දැක්වෙන්නේ භූ කම්පනයෙන් පුද්ගල මරණ 20ක් පමණ සිදුව ඇති බව මේ වන විට වාර්තා වී ඇති බවයි.
මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් හා දරුවන් 06 දෙනෙකුද ඇති බව එහි සදහන්.
පුද්ගලයින් 200කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
භූ කම්පනයත් සමග මේ වනවිට පකිස්තානයේ කලාප රැසක විදුලිය ඇණ හිට තිබෙනවා.